ශ්‍රිලනිපය නැවතත් එජාප තුරුලේ : චෝදනාව පොහොට්ටුවේ ඩලස්ගෙන් !

ශ්‍රිලනිපය නැවතත් එජාප තුරුලේ : චෝදනාව පොහොට්ටුවේ ඩලස්ගෙන් !

ශ්‍රීලනිප පොහොට්ටු සන්ධාන සාකච්ඡා අතර තුර ශ්‍රිලනිප පිරිසක් නැවතත් එම පක්ෂය එජාප තුරුලට යැවීමට උත්සාහ දරණ බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන (පොහොට්ටු පාර්ශවය ) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කරයි.

අද (02) විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග වූ සන්ධානය, එකඟතාව බිඳ වැටී නැහැ. ඒ සාකච්ඡා පැවැත්වෙනවා. ජනාධිපතිවරුන් දෙපළ පෞද්ගලිකව මුණ ගැසී අවසාන කෙටුම්පත පිළිබඳව එකඟත්වය ලබා ගැනීමෙන් පසුව ඊළඟ පියවරට යනවා. ඒ සාකච්ඡාව නුදුරේදීම පැවැත්වෙයි කියා විශ්වාස කරනවා. ශ්‍රීලනිපය ඇතුළේ සුළු පිරිසක් යළිත් එජාපය තුරුළට යෑමට උත්සාහ දරනවා. ඒ දීන දේශපාලන උත්සාහය පරාජය කිරීමට ශ්‍රීලනිප බහුතරයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අපේ කුමන ප්‍රතිවිරෝධතා කොපමණ තිබුණත් 05 වැනිදාට ගොඩනංවන බව කියන එජාපය ප්‍රමුඛ සන්ධානයට සුබපතනවා. මේ සන්ධානය ගැන පැහැදිලි කරගත යුතුයි. මේ සන්ධානය තමයි දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව තුළ සිටින පක්‍ෂම, ජනවාරි 08 වැනිදා හංසයා ලාංඡනයකින් ආ අය නිල සන්ධානයකින් පැමිණීම.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න