මාධ්‍යවේදී උපාලිට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ : සැකකාර හමුදා සාමාජිකයාට ඇප !

මාධ්‍යවේදී උපාලිට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ : සැකකාර හමුදා සාමාජිකයාට ඇප !

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ‍්‍රාමික බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ අද (02) නියෝග කළේය.

එක් ඇපකරුවෙක් රජයේ සේවකයකු විය යුතු අතර සියලු ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කළ යුතු බවද ඇප කොන්දේසියක් නිකුත් කළ අධිකරණය සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියම කළේය.

සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සැකකරු අත්අඩංගුවට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 08 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද මෙම සිද්ධියේ සාක්ෂිකරු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා විදේශ ගතව සිටීම හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගී වීමට නොහැකි බවට දන්වා සිටීම හේතුවෙන් එම පෙරට්ටුව අවලංගු කළ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුට එලෙස ඇප නියම කළේය.

ඉකුත් 2009 ජනවාරි මස 23 වැනිදා උදෑසන 6. 40 පමණ ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී රිවිර හිටපු ප‍්‍රධාන කර්තෘවරයා වූ උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරියට යතුරු පැදි දෙකකින් පැමිණී හිස් ආවරණ සහිතව පැමිණී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත්, පසුව ඔහු සහ බිරිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ප‍්‍රතිකාර ලබාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න