Language Switcher

V2025

මෛත්‍රීත් ඉල්ලා අස් වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවද ඔහු පවසා සිටියි.

මෛත්‍රී ගුණරත්න මහතා මෙම වසරේ ජනවාරි මස 03 වනදා මෙම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.