Language Switcher

V2025

රත්‍රං කෝටි 2ක් සමග ඉන්දියානුවන් 6ක් අත්අඩංගුවට

රත්‍රං තොගයක් නීතිවිරෝධීව මෙරටින් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටුනායක ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනූව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් පවසයි.

පළමුව ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්‍රං කිලෝග්‍රෑම් එකයි ග්රෑම් 60 ක් සමගයි.

අනතුරුව තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රත්‍රං කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 370 ක් සමග පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සොයා ගත් රත්‍රංවල වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑලක්ෂයකට ආසන්න බව වාර්තා වෙයි.

අදාළ ඉන්දීය ජාතිකයින් සංචාරක වීසා මත මෙරටට පැමිණි පිරිසකි.