බැසිල් සහ ඒකාබද්ධයේ නායකයන් අතර ගැටුමක් !

බැසිල් සහ ඒකාබද්ධයේ නායකයන් අතර ගැටුමක් !

ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ අතර 'ඒකාබද්ධ පොදුජන පෙරමුණ' නමින් සන්ධානයක් ඇති කර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂ කිහිපයක් දැඩිව පොදුජන පෙරමුණට යෝජනා කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි, ජූලි 26 වැනිදා පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඒ ගැන සාකච්ඡා කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන පක්ෂවල නායකයන් එයට සහභාගි වී ඇත.

එහිදී පක්ෂ නායකයන් පසුගිය සතියේදී පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් නොවන කුඩා පක්ෂ කිහිපයක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ගැන අදහස් පල කර තිබේ.

තම පක්ෂවලටද එලෙස පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළ නොහැකි බවත්, ඒකාබද්ධ විපක්ෂය තම පක්ෂ සමග සන්ධානයක් ඇති කර ගත යුතු බවත් එහිදී අදහස් පල වී තිබේ.

ජනාධිපතිවරණයට පෙර !

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඒකාබද්ධ පොදුජන පෙරමුණ යන නමින් හා නෙළුම් පොහොට්ටුව ලකුණින් නව සන්ධානයක් ඇති කර ගත යුතු බවට එකඟ වී තිබේ. එම සන්ධානය ජනාධිපතිවරණයට පෙර එළිදැක්විය යුතු බවද එහිදී එකඟවී තිබේ.

කෙසේ වෙතත් මේ ගැන අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙකු ප්‍රකාශ කළේ එම රැස්වීමේදී එවැනි එකඟතාවයක් ඇති කර ගත්තද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවැනි සන්ධානයක් ඇති කර ගැනීමේ සැබෑ උවමනාවක් නොමැති බවය.

මීළඟ මැතිවරණය එනතුරු නිහඬව සිට අවසාන මොහොතේ පොදුජන පෙරමුණ අනෙකුත් පක්ෂ සමග අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීමේ වැඩි ඉඩක් ඇතැයි ඔහු කීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමෙන් තම පක්ෂවල ස්වාධීනත්වය දුර්වල වන බවයි.

දිනේෂ්-වාසු-විමල්-උදය දැඩි තින්දුවක !

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ඒකාබද්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙසෙන කොළඹ විජේරාම නිවසේදී පසුගිය 26දා සිදු කිරීමට නියමිතව තිබුන ද එම අවස්ථාව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කළේය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් සහ හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද එම අවස්තාවට සහභාගි නොවීය.

ඒකාබද්ධයේ නායකයින්ගේ බලපෑම් තුට්ටුවක මායිම් කර නොමැති පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සදහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කොට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න