Language Switcher

V2025

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ගත් අය සමාජ මාධ්‍ය  හරහා මට ගහනවා- ජනපති

සමාජ මාධ්‍ය ජාල තුළ තමන් ඉලක්ක කරගනිමින් පහර දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල්ගත් පුද්ගලයින් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  චෝදනා කරයි.

තමන්ට අපහාස කරන සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවිවලින් 90%ක් පසුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බව ඒ මහතා පවසයි.

ඔවුන් ඉතාම අසත්‍ය දෑ ප්‍රකාශ කරමින් තමන්ව සමාජය තුළ නින්දාවට ගර්හාවට සහ අපහාසයට පත් කරමින් තිබෙන බවත් සමාජයේ තත්වය මෙයයැයි තේරුම්ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේම එදා තමන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී තමන් නොදියුණු, ගෝත්‍රික මිනිසෙකු බවට ඇතැමුන් චෝදනා කළ බව පැවසූ ජනාධිපතිවරයා අද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බැවින් තමන් ගෝත්‍රික නම් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද ගෝත්‍රික බවත් ප්‍රකාශ කළේය.

LNW