එජාප පසුපෙළ : ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට !

එජාප පසුපෙළ : ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට !

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම අද (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇත.

මෙම අවස්ථාවට එක්වු පසු පෙළ මන්ත්‍රීවරු විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂකයා ලෙසත් වහාම ප්‍රකාශයට පත්කොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවට ඒකමතිකව යෝජනා කර ඇත.

එසේම මැතිවරණ සටන මෙහෙයවීමට පක්ෂය පූර්ණ බලතල සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට ඔවුන් යෝජනා කර තිබේ.

මෙහිදි ලක්ෂ්මන් විජේමාන්න, සුජිත් සංජය, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, ඉම්රාන් මහරූෆ්, කේ.කේ පියදාස, විජේපාල හෙට්ටිආරච්චි, ඒ. විජයතුංග, සිඩ්නි ජයරත්න, බන්දුලාල් බණ්ඩාරිගොඩ, රෝහිණී කවිරත්න, තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදී සහාය පළකළ අතර එම අවස්ථාවට එක් නොවුවද හර්ෂණ රාජකරුණා, සන්දිත් සමරසිංහ, තුසිතා ජයමාන්න, ශාන්ත අබේසේකර, හිරුණිකා ඇතුළු සියලු දෙනා ද ඒ සඳහා තම එකඟත්වය පළ කර ඇත.

(ද ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න