ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවය ප්‍රශ්නයක් නෙවෙයි - ගම්මන්පිල

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවය ප්‍රශ්නයක් නෙවෙයි - ගම්මන්පිල

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකුද යන්න සම්බන්ධව තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් පුරවැසි භාවය අත්හැරීමට අදාල ලයිස්තුවේ ගෝඨාභයගේ නම සඳහන් නොවීම ඇමරිකාවේ ප්‍රශ්නයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කල අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඇමරිකානු පුරවැසිකම අත් හැරිය අයගේ නම් ලැයිස්තුවක් මාස තුනකට සැරයක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව 2019 ජූනි 30 දිනෙන් අවසන් වුණු කාරතුවේ ඇමෙරිකානු පුරවැසිකම අත්හල පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඊයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් වෙබ් අඩවියකට මුදා හැරියා. එහි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නොමැති බවට ආණ්ඩුවේ මාධ්‍ය ලොකු ආන්දෝලනයක් ඇති කරනවා.

එම වෙබ් අඩවියේ සදහන් කරන්නේ කාර්තු පදනම යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරියට එවන ලද තොරතුරු මත සකසන ලද ලැයිස්තුවක් තමයි අප ප්‍රසිද්ධ කරන්නේ කියලයි. පුරවැසි කම අත් හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ ඒ රට වල ඇමෙරිකානු තානාපති කාර්යාල වලයි. ලොව පුරා පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු යැවූ අයගේ නාමලේඛණය තමයි අපට ලැබුණු විදිහට අප ප්‍රසිද්ධ කලා කියලා සදහන් කරලා තියෙන්නේ. එයින්ම අදහස් වෙනවා මෙය අවසානාත්මක දෙයක් නෙමෙයි කියලා.

පුරවැසිකම අත්හැරීම පිළිබඳ ඇමෙරිකාවේ බල පවත්වන නීතිය වන්නේ Immigration and Nationality Act of 1952. 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනතයි. මේ පනත අනුව යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසානාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාරතමේන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ. විශේෂයෙන්ම පුරවැසි කම අත්හල අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරණ ලේඛණය කිසි සේත්ම අවසානාත්මක සාක්ෂියක් ලෙස සලකන්නේ නෑ. 2019 මැයි 3 දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ඉවත් කරගත් බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. 2019 අප්‍රියෙල් මස 17 වනදා සිට එතුමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව සහතික කර තිබෙනවා. ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි. ඒ නිසා ඒ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොමැතිවීම කාට ප්‍රශ්නයක් වුවත් අපට නම් ප්‍රශ්නයක් නොවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න