සජිත් එනතුරු සිරිසේන කල් බලයි !

සජිත් එනතුරු සිරිසේන කල් බලයි !

එජාපයේ දැනට උත්ගතව තිබෙන අර්බුදය ඉක්මනින් විසඳාගෙන එළැඹෙන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස එජාපයෙන් ස්ථීරවම ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වෙනතුරු එජාපය සමග එකතුවීම සඳහා සාකච්ඡා ඇරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලාපොරොත්තුවෙන් සිටින බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

දැනට හේමා ප්‍රේමදාස මහත්මිය සහ ජනාධිපතිවරයා අතර මේ පිළිබඳ අදහස් හුවමාරු වී ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත්, සජිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනා ගැනීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාද උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මහින්ද සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් දැනටමත් ශ්‍රීලනිපයෙන් එජාපයට එකතුවීමට එකඟතාවකට පැමිණ ඇතැයි දැනගන්නට ලැබෙන අතර එම තත්වය වළක්වා ගැනීමද මෙමගින් ජනාධිපති අපේක්ෂා කරන බව ද 'පැවසේ.

(මූලාශ්‍රය - අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න