අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද අමාත්‍ය වසන්ත සේනානායකට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල විය.
ඒ පසුගියදා පොළොන්නරුවේ පැවති රැස්වීමක් අවස්ථාවේදීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කතා කරන විට ඇතමුන් සිට් ඩවුන් කියමින් බාධා කරන බවත් සජිත් වෙනුවෙන් සටනට බැස්සේ සිට් ඩවුන් වීමට නොවන බවත් එහිදි අමාත්‍යවරයා පැවසීය.
මෙසේ අදහස් දක්වමින් අමාත්‍යවරයා වක්‍රව අග්‍රාමාත්‍යවරයා වෙත විවේචන එල්ල කරන විට ‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් අදහස් පළ කළේය.
එසේම තවත් කිහිපදෙනකු ම ප්‍රසිද්ධියේ අමාත්‍යවරයාගේ කතා විලාසය විවේචනය කරන්නට විය.

