Language Switcher

V2025

පොහොට්ටු අපේක්ෂකයා ටර්මිනේටර්ගේ ඇත්ත හැසිරීම : උවිදු සිහිකරයි !

පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සමස්ථ ජනතාව මුලා කර ඔහුගේ භීෂණකාරී ස්වභාවය අමතක කරවීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ඒ වෙනුවෙන් ඔහු මේ වන විට මාධ්‍ය නිදහස, සමාජ විනය, රාජ්‍ය සේවය , පුරවැසි අයිතිවාසිකම්  ගැන පවා ගජබින්න දෙසමින් සිටියි.
ඒ පසුබිමේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අතරේ මාධ්‍යවේනියකට ආමන්ත්‍රණය කළ ආකාරය සාක්ෂි සහිතව සිහිපත් කිරීමට මාධ්‍යවේදී උවිදු කුරුකුලසුරිය කටයුතු කර ඇත.
උවිදු සිය ෆේස් බුක් ගිනුමේ ඒ මෙසේ සිදුකර ඇත.
"උඹ ගූ! ගූ! මාධ්‍යවේදිනියක්. හුකන ගූ ගොඩක්. ගූ කන ඊරියක් - හුකන මාධ්‍යවේදිනියක් තෝ -මේ ගැන ඒක අවලම් වචනයක් හරි ලියල තිබ්බොත් මම උඹලගේ හුකන පත්තරේට විරුද්ධව නඩු දානවා - ඔව් මම උඹට තර්ජනය කරනවා තමයි. මම කියපු ඒක වචනයක් හරි ලියපන්කො. මම කිව්වා, එක අවලම් හුකන වචනයක් හරි ලියපන්කො. අපි බලාගමු. ඒ වුණාට මම උඹ හිරේ දානවා. මිනිස්සු උඹව මරාවි. මිනිස්සුන්ට පිළිකුල් තෝව. උන් උඹව මරාවි." - ගෝඨාබය රාජපක්ෂගේ වාග් මාලවෙන්
ගෝටා විනය, නිදහස​, මාධ්‍ය නිදහස ආදිය​ ගැන​ කතා කරන්නට පටන් ගෙන ඇත​, ඉහත උපුටා දැක්වූයේ ගෝටාගෙ බාසාවය​. මේවා ඉංග්‍රිසියෙන් ලියවී ඇති නිසා ගොඩක් අය දන්නේ නැත​. ඒ වගේම ඒ දිනවල අවුරුදු 12-13 සිටි දරුවන් මෙවර ඡන්ද දායකයෝ වෙති. ඒ අය ඉදිරියේ දුන් ටෝක් නිසා මේවා කියවා ගන්නේ නම් හොඳයි. බලයේ ඉන්න කොට මෙහෙමයි කතා කරේ. ඉංග්‍රිසි ලිපියේ ලින්ක් එක මේ: 
තම පුද්ගලික මිතුරෙකු මෙන්ම ගුවන් නියෙමුවෙකු වන අයෙකු තමන්ට බලු පැටියෙක් ගෙනත් දීමට හැකි යැයි කීම නිසා ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවරට යෑම සඳහා අදාළ ගුවන් නියමුවාට අවශ්‍ය පහසුකම් බලෙන් සකස් කර දීම ගැන ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසීමට යාමේදී ඔහු දූෂිත වචන පාවිච්චි කරමින් කෝපයෙන් බෙරිහන් දීමට පටන් ගත්තේය. මෙම මාධ්‍යවේදිනිය අවස්ථා දෙකකදී ඔහුගෙන් අදාළ කාරණය විමසුවාය.
ජුලි පස් වන දින පැවැත් වූ දුරකථන සංවාදය;
ප්‍රශ්නය : රාජපක්ෂ මහත්මයා! මම දන්නේ නැහැ ඔබ මේ ගැන දන්නවද කියා, අපට දැන ගන්නට ලැබුණා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඔබ තුමාට බලු පැටියෙක් ගෙන ඒමට මේ සිකුරාදා සුරිච් නුවරට යාමට නියමිතයි කියා?
පිළිතුර : ඉතින් මොකද්ද එකේ වැරැද්ද? ඒක ස්ථීර ගුවන් යානයක්, ඔව් ඔවුන් බලු පැටියෙක් ගේනවා.. ඒකා මගේ ගෑණිට. එකේ කිසිම වරදක් නැහැ. බල්ලෙක් විතරක් ගෙන්න නෙමෙයි අලියෙක් උණත් රැගෙන එන්න මට සියලු අයිතීන් තිබෙනවා. ඒකට මම ගෙවනවා. ඕන දෙයක් රැගෙන ඒමේ සියලු අයිතිය මට තියෙනවා. මේක පළමු වතාව නෙමෙයි, මීට කලිනුත් ඔවුන් මට බලු පැටියෙක් ගෙනත් දීල තියෙනවා. මොකද්ද එකේ වැරැද්ද, මම ගෙවලා තියෙනවා . මට සියලුම අයිතීන් තියෙනවා.
ප්‍ර: ඇත්තවශයෙන්ම ඔව්. නමුත් කාරණය ඒක නෙමෙයි. අපට ආරංචි වුණා කැප්ටන් ප්‍රවීන් විජේසිංහ පුද්ගලිකව ඔබෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සූරිච් වලට පියාසර කොට බලු පැටියාව අරන් එන්න.
පි: ඔව්. ඉතින් මොකෝ. මිනිහා මගේ යාලුවෙක්. හිටපු ගුවන් හමුදා නිලධාරින් මේවනවිට සේවය කරන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මට යාළුවො ඉන්නවා. ඔවුන් මම කැමති දේවල් කරනවා. එකේ ඇති වරද මොකද්ද.
ප්‍ර: නමුත් A340 නමැති ගුවන් යානය පැදවීමට මෙම ගුවන් නියමුවා සුදුසුකම් ලද්දෙක් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලපෑම් කරනු ලැබුවා අදාළ ගුවන් යානය වෙනුවට A330 මාරු කිරීම සඳහා
පි : නෑ ගුවන් යානය මාරු කරනු ලැබුවේ නැහැ.
ප්‍ර: ඒක එහෙම මාරු නොකරන්න හේතු වුනේ ගුවන් නියමු මඟ පෙන්වන්නගේ සභාපතිවරයා ඊට විරුද්ධ වූ නිසයි.
පි: කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මේ දේ ගැන එක අවලන් වචනයක් හරි උඹ ලිව්වොත් මම උඹට විරුද්ධ නඩු දානවා. මම ඔය කිසි අවලන් උසාවියකට බය මිනිහෙක් නෙමෙයි. මම උඹලට විරිද්ධව දැනටමත් නඩු දාල තියෙනවා , මම ආයෙත් නඩු දානවා. ඒක මගේ අයිතියක්.
ප්‍ර: නිවැරදියි. ඒවගේම තමයි ජනමාධ්‍යවේදිනියක් හැටියට මටත් තියෙන අයිතිය ඔබ මැදිහත්වෙලා ඉන්න කාරණයක් සම්බන්ධව ඔබේ පැත්තේ කතාව ගැන දැන ගැනීම.
පි: ගිහින් අහගන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන්
ප්‍ර: අපි මේ වන විටත් කතා කළා. කොහොම වුනත් කාරණය මේකයි. ගුවන් යානයේ පීඩනය සහ පාලනය ගැන මනාව දන්නා ඕනෑම ගුවන් නියමුවෙකුට බලු පැටියෙක් අරන් එන්න පුළුවන්. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් අදාළ ගුවන් යානය පැදවීමට සිදුසුකම් නොළත් කපිතාන් ප්‍රවීන් විජේසිංහවම පැදවීමට තෝරා ගැනීමයි .....
පි: ඉතින් මොකෝ. මිනිහා පැදෙව්වා කියලා තියෙන වරද මොකද්ද. මම උඹට කියනවා .. මේ ගැන ඒක අවලම් වචනයක් හරි ලියල තිබ්බොත් මම උඹලගේ හුකන පත්තරේට විරුද්ධව නඩු දානවා. මෙන්න මේ විදිහට තමයි උඹලා ඔක්කොම මිග් ගනුදෙනුව ගැන ලිව්වෙත්. කිසිම දෙයක් තොපි අවලම්මු හොයන්නේ බලන්නේ නැතුව ලිව්වා. තොපේ ඔක්කොම හුකන ප්‍රකාශන ඔක්කොම යම් කිසි කෙනෙක් කිව්වා යම් කිසි දෙයක්.
ප්‍ර: අන්න ඒ නිසා තමයි මම ඔබ තුමාට කතා කළේ. යම් කෙනෙක් කිව්වා කියා මම ලියන්න යන්නේ නැහැ. මම ඔබට කතා කළේ ඔබේ පැත්තේ කතාව ගැන දැන ගන්න.
පි: උඹ ලියපන්කො ඒක අවලම් වචනයක්. මම නඩු දාන්නම්. මම ආයෙත්, ලියපු එකාට සහ උඹලගේ හුකන පත්තරේට නඩු දානවා.
ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ ඔබතුමා මට තර්ජනය කරනවාද?
පි: ඔව් මම උඹට තර්ජනය කරනවා තමයි. මම කියපු ඒක වචනයක් හරි ලියපන්කො. මම කිව්වා එක අවලම් හුකන වචනයක් හරි ලියපන්කො. අපි බලාගමු.
ප්‍ර: රාජපක්ෂ මතත්යෝ මම ඔබතුමාට කතා කළේ ජනමාධ්‍යවේදිනියක් හැටියට ඔබ තුමාගෙන් මේ ගැන දැන ගන්න නමුත් ඔබ කළේ තිත්ත කුණුහරපෙන් බැණ වැදුන එක.
ගරු ආරක්ෂක ලේඛම් ධූරය දරන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම දුරකථනය විසන්ධි කරනු ලැබුවේය.
යලිත් ජුලි 06 වන දින ආරක්ෂක ලේඛම් වරයා ඇමතීමට ජනමාධ්‍යවේදිනිය කටයුතු කරනු ලැබුවේ අදාළ කාරණය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුවත් කොට ඇතිබව දැන ගැනීමට ලැබීමෙන් පසු එය පුවත්පතේ පල නොකරන බව දැනුම් දීම සඳහාය. අදාළ කාරණය පල නොකරනු ලබන්නේ ඔහු විසින් කුනුහරම කියමින් තර්ජනය කළ නිසා නොව එය නිරාකරණය වී තිබු නිසා බව දැනුම් දීමට කතා කළද ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක් වේ.
ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ, මම ඔබට ආයෙත් කතා කරන්නේ ශ්‍රී ලංකා ගුවන්සේවයේ නිලධාරියෙකු මා වෙත දැන් වූවා ගුවන් නියමු ප්‍රවීන් විජේසිංහට අදාළ ගුවන් යානය කළමනාකාරිත්වයට මාරු කොට බලු පැටියා ගෙන ඒමට ඉඩ දීම හමුවේ මගීන් 50 දෙනෙකුට ගමන් කිරීමට නොහැකි වන බව ඔබ නොදැන සිටි නිසා කියා.
පි: මම ඊයේ කිව්වා නේද මට කතා කරන්න එපා කියලා. මේ මෝඩ ගුවන් නියමුවන් මේ නිසා ගුවන් යානා මාරු කිරීමට යනවනම් එක මගේ වරදක් නෙමෙයි. මම ඒක කරනවා දැන්, නමුත් මේ ගුවන් නියමු එකිනෙකා අතර රණ්ඩු තියෙනවා. උඹල වගේ ගූ මාධ්‍යවේදියෝ ඔවුන්ට ඇහුන්කම් දෙනවා. ඔවුන් හුකන මෝඩයෝ. ඒක මගේ වරදක් නෙමෙයි.
ප්‍ර: ඇත්ත. නමුත් ඇත්ත කාරණය තමයි මේ තීරණය ගැනීම සහ පසුව එය ජෙයිෂ්ඨ ගුවන් නියමුවන් කළමනාකාරිත්වයට කළ බලපෑම නිසා වෙනස් කිරීමට සිදු වීම.
පි: ඒක වැරදියි; මම ඒක පරික්ෂා කළා එහෙම තීරණයක් අරන් තිබී නැහැ.
ප්‍ර: ඒක ඇත්තටම සිද්ද වුණා. කොහොම වුනත් මට තර්ජනය කළ නිසා නෙමෙයි ඔබ මේ ගැන නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොරොන්දු වූ නිසා අදාළ කාරණය ප්‍රසිද්ද කිරීම නැවත්වීමට තීරණය කළ බව මම කියන්න කැමතියි.
පි: ඔව් මම තර්ජනය කළා තමයි. උඹලා වගේ මාධ්‍යවේදියෝ ගූ කන ඌරෝ වගේ ජාතියක්. ගූ ! ගූ! ගූ ! ගූ! මාධ්‍යවේදියෝ. උඹල වගේ උන් 90 % මේ රටේ ඉන්න මිනිස්සුන්ට වදයක්. ඔවුන් උඹලව පිළිකුල් කරනවා. උඹ වරෙන් මගේ උත්සවයකට මම එතනදී උඹව පෙන්නලා කියන්නම් මේ ඉන්නේ සන්ඩේ ලීඩර් එකේ කතෘ තුමිය. එහිදී 90% මිනිස්සු උඹව පිළිකුල් කරයි.
ප්‍ර: මම හිතන්නේ නැහැ
පි : උඹ හිතන්නේ නැහැ. ඒ උඹේ උද්ධච්ච කම. උඹ ගූ! ගූ! මාධ්‍යවේදිනියක්. හුකන ගූ ගොඩක්. ගූ කන ඊරියක්. මම උසාවි යන්නම්. මම මිග් ගනුව්දෙනුව ගැන උඹල ලිව්වා දේට දාල තියෙන පැමිණිල්ල අයින් කරන්නෙත් නැහැ.
ප්‍ර: ඒ කතාව ගැන මම කිසි දෙයක් කළේ නැහැ ඉතින් මට ඒ ගැන කියන්න බැහැ
පි: ඒ වුණාට මම උඹ හිරේ දානවා. උඹ රට දෙකට කඩන්න හදන, ඇත්ත බෞද්ධයන්ව බේදබින්න කරන ගූ මාධ්‍යවේදිනියක්. තානාපතිවරුන් වගේම රාජ්‍ය නොවන සංවිධාන, පකිසොත්ති වගේ වුන් උඹට ගෙවනවා
ප්‍ර: මම සුභ පතනවා
පි: උඹ ගූ කන ඊරි. උඹ හුකන ගූ කන මාධ්‍යවේදිනියක්..
ප්‍ර: රාජපක්ෂ මහත්තයෝ මම හිතනවා ඔබ තුමාට ඔබ තුමාව හොඳින් ඇසෙනවා කියලා
පි : මිනිස්සු උඹව මරාවි. මිනිස්සුන්ට පිළිකුල් තෝව. වුන් උඹව මරාවි.
ප්‍ර: ඒ ඔබතුමාගේ නියෝගය මතද ?
පි: මොකක්? නෑ. මගේ නෙමෙයි. නමුත් ඔවුන් උඹව වගේ කුනුවුන හුකන් මාධ්‍යවේදිනියක්ව මරයි.