Language Switcher

V2025

ගෝඨාගේ නම ජන්ද හිමි නාම ලේඛනයේ : මැතිවරණ කොමිසමෙන් විමර්ශනයක් !

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් නොවූ සිවුදෙනෙකුගේ නම් 2005 ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර තිබීම පිළිබඳව 'අනිද්දා' නියෝජ්‍ය කතෘ ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අයෝමි රාජපක්ෂ. පුෂ්පා රාජපක්ෂ හා ඩඩ්ලි රාජපක්ෂ යන 2005 දී ශ්‍රී ලාංකික පුරවැසියන් නොවූ පිරිසකගේ නම් වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ ඡන්දහිමි නාමලේඛනයට අතුළත් කිරීමෙහි නීතිවිරෝධීභාවය පිළිබඳව එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

අගෝස්තු 19 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇත. ඒ අනුව එම කාලයට අදාළ ලිපිලේඛන නිරීක්ෂණය කිරීමටත්, මෙම පැමිණිල්ලට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ගතහැකි පියවර පිළිබඳ සොයා බැලීමටත් එහිදී එකඟ වී තිබේ.

සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිද යන්න පිළිබඳවත් එලෙස ඡන්දහිමි නාමලේඛනයකට පුරවැසියෙකු නොවන අයෙකුගේ නම ඇතුළත් කරන අවස්ථාවකදී වරදක් කර ඇත්තේ කවුරුන් විසින්ද යන්නත් එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

(අනිද්දා )