Language Switcher

V2025

බැදුම්කරේ සියළු පවු රවී පිටට දමයි ; උප නායක ධුරයෙන් ඉවතට !

හිටපු මුදල් ඇමති වත්මන් පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා දැනට දරමින් සිටින එක්සත් ජාතික පක්‍ෂ උපනායක ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මාරපන කමිටුවේ නිර්දේශයක් !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ වැඩසටහන්වලට තාවකාලිකව සම්බන්ධ කර නොගැනීමටද මෙම කමිටුව මඟින් නිර්දේශ කොට ඇති බව වාර්තා වේ.

කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන ලදී.

තිලක් මාරපන කමිටුව වෙත ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේදී එ.ජා.ප. මන්ත්‍රිවරුන් සම්බන්ධදැයි සොයා බැලීමට නියම වූ අතර ඊට අදාළ සම්පූර්ණ වාර්තාව පසුගිය 29දා පාර්ලිමේන්තුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම කමිටු වාර්තාවේ නිර්දේශ කෙරේ අවධානය යොමු කරමින් එ.ජා.ප. ජේ‍යෂ්ඨයන් බහුතරයකගේම ඒකමතික තීරණය වී ඇත්තේ එම නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවටයි.

මෙම කරන සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට අද පෙරවරුවේ අරලියගහ මැඳුරට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබේ.

sunil 

'රවී වැරදිකරුදැයි හොයන්න මාරපන පත්කිරීම විහිළුවක්' - ජවිපෙ

 කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලයට රවී කරුණානායක සම්බන්ධ දැයි පරීක්‍ෂණ කිරීමට ඇවන්ගාඩ් වංචාවට චූදිතයෙක් වී ඇමතිකමිනුත් ඉල්ලා අස්වීමට සිදුවුණු තිලක් මාරපන පත්කිරීම සැබෑම විහිළුවක් බවයි.