රනිල් - රවී එකඟතාවයක් ?

රනිල් - රවී එකඟතාවයක් ?

පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එකඟත්වයක් සිදුව තිබෙන බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

ඒ අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ජාවකදීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ,
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බැදුම්කර සිදුවීමට වගකිවයුත්තන් ලෙස කොමිසම් වාර්තාවේ නම් සඳහන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

පාඩු වූ බව කියන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය විසින් අදාළ සමාගමෙන් රදවා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

බැදුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරත් කියා සිටියේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න