වංචාවේ මහ මොළකරුවන් බේරගන්න රවීව බිල්ලට දීලා - කබීර්ගේ නිවේදනයට කැෆේ ප්‍රතිචාර දක්වයි

වංචාවේ මහ මොළකරුවන් බේරගන්න රවීව බිල්ලට දීලා - කබීර්ගේ නිවේදනයට කැෆේ ප්‍රතිචාර දක්වයි

බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් සියලු දෙනා එකතු වී, තිලක් මාරපන කමිටුව හරහා රවී කරුණානායක බිල්ලට දෙන තත්ත්වයක් ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

ගජ මිතුරන් බේරගන්න ඇස් බැන්දුමක් කරළියට

මාතර සරසි හෝටලයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පලකල අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

"රවී කරුණානායක මහතා අර්ජුන ඇලෝසියස් සමග සබදතා පැවැත්වූ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා. ඔහුට යම් ප්‍ර‍තිලාභයක් ඒ මගින් ලැබෙන්නට ඇති බව අනුමාන කරන්නට පුළුවන්. නමුත්, බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එජාප නායකයා හා ඔහුගේ ගජ මිතුරන් බව ඉතා පැහැදිලියි. තිලක් මාරපන කමිටුව සැබෑ හොරුන් බේරා එජාප උප නායකයා ‘බිල්ල‘ ට දී තියෙනවා. මේක පැහැදිලි මැතිවරණ ඇස්බැන්දුමක්"

හොරු රකින අලුත්ම ක්‍රමයක් !

තවදුරටත් එහිදී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ අද වන විට ලංකා දේශපාලනය ඇත්ත හොරුන් හා ගජ මිතුරන් එකතුවී හොර පූසන් ගෙන් තමන් ව්‍යාග්‍ර‍යින් බවට පත් කොට ‘හොර පූසන්‘ බිල්ලට දෙන ක්‍ර‍මයක් බිහි කර තිබෙන බවය.

ජනාධිපතිට තවමත් අගමැතිව විශ්වාසද? කෙළින් කියන්න

එසේම බැදුම්කර වංචාවට සම්බන්ධ සැබෑ පුද්ගලයින්ට දඩුවම් කළ යුතු බවත් මහ බැංකුව තව දුරටත් අගමැති අතේ තියාගෙන ඉන්නට ජනාධිපතිවරයා ඉඩ දි ඇත්තේ අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කෙරෙහි විශ්වාසය තිබෙන නිසා ද? යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප්‍ර‍කාශ කළ යුතු බවද ඔහු පැවසීය.

තිලක් මාරපන කමිටුව

මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇති බැවින් ඔහු සම්බන්ධව ක්‍රියාමාර්ග ගතයුතු බවට තිලක් මාරපන කමිටුව නිර්දේශ කිරීම හේතුවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා දරන එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයේ වගකීම් වලින් තාවකාලිකව අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

රවී ගැන ගත් තීන්දුව ගැන කබීර්ගෙන් නිවේදනයක්

එම තීරණය දැනුම්දෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අද (31) විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එම නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න