මාස අටක බිළිඳියක් "දූෂණය කරලා"

මාස අටක බිළිඳියක් "දූෂණය කරලා"

පවුලේ සමීප ඥාතියකු විසින් දූෂණය කරන ලද බව විශ්වාස කෙරෙන මාස අටක බිළිඳියක් අසාධ්‍ය තත්වයෙන් පසුවෙන බව ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය නිවේදනය කළේය.

ඉරිදා (ජනවාරි 28) රැකියාව නිමකොට නිවසට පැමිණි දෙමව්පියන් බිලිඳු දැරිය තබා තිබුණ ඇඳ ලෙයින් තෙත්ව තිබෙනු දැක ඇය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.

දැරිය ප්‍රතිකාර ලබන රෝහලට ගොස් ඇයගේ සුව දුක් විමසූ දිල්ලි අගනුවර කාන්තා කොමිසමේ ප්‍රධානී ස්වාති මලිවාල් (Swati Maliwal) අදහස් දක්වමින්, දැරියට "දරුණු" තුවාල ලබා සිටින බව සඳහන් කළාය.

වෛද්‍යවරුන් බිළිඳියට පැය තුනක සැත්කමක් කර තිබෙන බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ස්වාති මලිවාල්, වේදනාවෙන් කෑගසන දැරියගේ හඬ රෝහල පුරා නින්නාද දුන් බවත් පවසයි.

එම ළමා දූෂණය සම්බන්ධයෙන් සැකපිට දැරියගේ ඥාති සහෝදරයකු වන 28 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් දිල්ලි පොලිසිය නිවේදනය කළේය.

image 760x400
2016 වසරේදී ඉන්දියාවේ දැරියන් 19,765 දෙනෙකු දූෂණයට ලක් වී තිබේ

 මාස අටක බිළිඳියක් දූෂණය කිරීම පිළිබඳව බොහෝ ඉන්දීය වැසියන් කම්පනයට පත්වූ නමුත්, මෙවැනි අපරාධ අසාමාන්‍ය තත්වයක් නොවන බව ආණ්ඩුවේ දත්හ විමසා බැලීමේදී හෙළිවන බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ පවසයි.

එමෙන්ම එවැනි බරපතල අපරාධ ඉහළ යමින් තිබෙන බව ද නිල සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

ජාතික අපරාධ වාර්තා බියුරෝවේ දත්තවලට අනුව, 2016 වසරේදී ඉන්දියාවේ දැරියන් 19,765 දෙනෙකු දූෂණයට ලක් වී තිබේ. එය, 2015 වසරට සාපේක්ෂව 82% ක ඉහළ යාමකි. 2015 දී දැරියන් 10,854 දෙනෙකු දූෂණයට ලක් වී තිබේ.

මීට වසර කිහිපයකට ඉහතදී සිය මව සමග නිදා සිටි මාස එකොළහක් වයසැති බිළිඳියක පැහැරගෙන ගිය අසල්වැසියෙකු, පැය දෙකක් මුළුල්ලේ ඇය දූෂණය කළ බව ගීතා පාන්ඩේ සිහිපත් කරයි.

2015 නොවැම්බර් මාසයේ හයිදරාබාද් නගරයේදී තුන් මස් වියැති බිළිඳියක පැහැරගෙන ගොස් අතවර කිරීම එවැනි තවත් අවස්ථාවකි.

2012 දී වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයකදී සමූහ දූෂණයට ලක් කොට මරා දමනු ලැබීමෙන් අනතුරුව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉන්දියාව පුරා ප්‍රබල විවාදයකට තුඩු දුන්නේය.

23 හැවිරිදි ශිෂ්‍යාවගේ මරණයත් සමගම රට පුරා මතු වූ දැවැන්ත උද්ඝෝෂණ හේතුවෙන් ස්ත්‍රී දූෂණයට එරෙහිව දඬුවම් දැඩි කරමින් නව නීති සම්පාදනය කිරීමට ආණ්ඩුවට සිදු විය.

ඒ සමගම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් විවෘතව දහස් දැක්වීමටත් බොහෝ දෙනා පෙළඹුණු නමුත් කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි කුරිරු ලිංගික අතවර තවදුරටත් දිනෙන් දින රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවේ.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න