Language Switcher

V2025

''බැඳුම්කරයෙන් හොරා කාපු හැම සතයක්‌ම ආපහු ගන්නවා'' - ජනාධිපති

''බැඳුම්කරයෙන් හොරා කාපු හැම සතයක්‌ම ආපහු ගන්නවා'' යයි බැඳුම්කර වාදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

රිකිල්ලගස්‌කඩ නගරයේ සමුපකාර භූමියේ ඉකුත් 29 වැනිදා පැවැති ජනතා රැලියට එක්‌වෙමින් එසේ පැවසු ජනාධිපතිවරයා, වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''මහ බැංකු බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියනවා මේ ආණ්‌ඩුවට සම්බන්ධ අයයි කොම්පැණි කාරයොයි රජයේ සේවයකයොයි එකතු වෙලා අහිංසක වතුකම්කරුවගේ සේවක අර්ථසාධක අරමුදලේ ඉඳල ජනතාවගේ සල්ලි කෝටි දහස්‌ ගණනක්‌ 2008 වර්ෂයේ ඉඳලා 2016 දක්‌වා හොරකම් කරලා තිබෙන බව.

මේ හොරකම් කරපු හැම සතයක්‌ම ආපහු ගන්න අපි කටයුතු කරනවා''

අලාභය' අයකර ගැනීමට අලුතින් නීති රීති !

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුකුලව රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 29 දා දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී ද සඳහන් කළේය .

කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද ජනාධිපතිවරයා පැවසිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.