ඇමැතිකම නැතිවූ රවීට නියෝජ්‍ය නායකකමත් නැතිවෙයි

ඇමැතිකම නැතිවූ රවීට නියෝජ්‍ය නායකකමත් නැතිවෙයි

රවී කරුණානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත්වන්නේ නම් යහපත් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට සහාය පළකරන පක්ෂවල නායකයන් පිරිසක් සමඟ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තා වේ.

එසේම බැඳුම්කර වංචාව සඳහා සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිළිබඳ පියවර ගැනීම සඳහා පත්කළ කොමිසමද රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත්කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිසම පත්කරණු ලැබුවේ එජාපයේ සාමාජිකයන් බැඳුම්කර වංචාවට යම් සම්බන්ධයක් ඇතිදැයි සෙවීමට සහ එවැනි සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්ට එරෙහිව ගතයුතු පියවර පිළිබඳ උපදෙස් ලබාදීම සඳහායි.

මෙම පුවත ඩේලිමිරර් වෙබ් අඩවියෙන් උපුටා ගැනුනකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න