බැදුම්කර විවාදයට 06දා පාර්ලිමේන්තුවේ

බැදුම්කර විවාදයට 06දා පාර්ලිමේන්තුවේ

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පැවැත්වෙන බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ පළාත් පාලන මැතිවරණයට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන කොමිසම් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකිද යන්න තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (30) දහවල් පැවති අවස්ථාවේදීය.

අද දහවල් 12.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ද ආරාධනා කර තිබූ බව කථානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබඳව විවාදයක් අවශ්‍යයැයි විපක්ෂයෙන් කෙරුණු ඉල්ලීමට අනුව පෙබරවාරි 08 වනදාට විවාදයක් ලබාදිය හැකියැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

 නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 07 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බැවින් පෙබරවාරි 08 වනදාට අදාළ විවාදය පැවැත්වුවහොත් එහි තොරතුරු මාධ්‍ය මඟින් අනාවරණය විම නොවැළැක්විය හැකි බවත් එය මැතිවරණ නීතිවලට පටහැණි විය හැකි බවත් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබීමෙන් අනතුරුව විවාදය 06 දින පැවැත්වීමට තීරණය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න