ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ලෝකයේ රටවල් 118ක උත්සව සංවිධානය කර ඇති බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර නිදහස් උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වඩ් කුමරු ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවන බව සහ ජපානය සහ චීනයෙන් ද විශේෂ නියෝජිත පිරිස් පැමිණෙන බවයි.

