ඡන්දය කල්යාමක් නැහැ : බැඳුම්කර විවාදය පෙබ. 06

ඡන්දය කල්යාමක් නැහැ : බැඳුම්කර විවාදය පෙබ. 06

පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (30) දහවල් 12.00ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරන ඒ ඒ පක්ෂ නියෝජිතයන් වන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ යන මහත්වරු සහභාගී වූහ.

ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් මහතා ද සහභාගී විය.

මෙම අවස්ථාවට කථානායකවරයාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එහි සෙසු සමාජිකයන් දෙදෙනා වන ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර, මහාචාර්ය සැමුවෙල් රත්නජීව සහ මහත්වරු සහ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් යන මහත්වරුද එක් වූහ.

එළඹෙන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් පලකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රයෝගික තත්වයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රැස්වීමේ මූලික අවධානය යොමු විය.

සාධාරණ නීතිගරුක මැතිවරණයක් සඳහා:

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා ඇතුළු කොමිෂන් සභාව විසින් සාධාරණ නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා ගෙන ඇති පියවර අගය කල කථානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ ඔවුන් විසින් සාර්ථක අන්දමින් ඉටුකරමින් පවතින මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුඳුසු වන බැවින්, හැකියාවක් තිබේ නම් පෙබරවාරී 08 වන දාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවීම සඳහා සලකා බැලීම සුදුසු බවයි.

පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිසද එය අනුමත කරමින් අදහස් දැක්වූහ.

අනතුරුව මෙම කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ද මතය විමසා සිටි අතර, ඔහු දන්වා සිටියේ පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිම යෝග්‍යවනු ඇති බවයි.

ඒ අනුව ස්ථාවර නියෝග 14 යටතේ, එදින පාර්ලිමේන්තුව කැඳවන ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයා ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටින ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න