ජල සම්පාදන සහ දුම්රිය සේවකයන් වර්ජනයේ

ජල සම්පාදන සහ දුම්රිය සේවකයන් වර්ජනයේ

වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් අද(30) උදෑසන 9 සිට පැය 4 ක බස්නාහිර පළාතට අයත් සේවකයන් සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ මෙම සංකේත වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා මනු සටහන් ගැනීම, බිඳ වැටීම් අලුත්වැඩියා කිරීම, පාරිභෝගික සේවා කටයුතු මෙන්ම කාර්යාල කටයුතු, සිදුනොවන බවයි.

අමාත්‍යවරයා ගෙන් වසර මුළුල්ලේම සාකච්ඡාවක් ඉල්ලා සිටියද මේ දක්වා එය නොලැබුණු බවත් පළමු පියවර ලෙස සංකේත වැඩවර්ජනට අමතරව රත්මලාන ගොලුමඩම හංදිය ප්‍රධාන කාර්යාලයට එක් රැස්වී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයකද නිරතවෙන බව උපාලි රත්නායක මහතා සඳහන් කර සිටියි.

 

දුම්රිය සේවක වැඩ වර්ජනය

චීන දුම්රිය මැදිරිවල පවතින තිරිංග දෝෂවලට විරෝධය පළ කරමින් දුම්රිය නියාමකයින් සහ රියැදුරන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ලොකමොටෙව් දුම්රිය ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ බලධාරීන්ගෙන් ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

 

මේ අතර අවම වශයෙන් පෙබරවාරි 15 වන දා දක්වා, ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු කටයුත්තකින් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු වෘත්තිකයින්ගෙන් හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා තිබුණි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න