කළු සල්ලි ජාවාරම් ලැයිස්‌තුවේ 11 වැනි තැන ශ්‍රී ලංකාවට

කළු සල්ලි ජාවාරම් ලැයිස්‌තුවේ 11 වැනි තැන ශ්‍රී ලංකාවට
මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති රටවල්  ලයිස්තුවේ  11 වැනි රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.
 
අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය සාධක බළකාය (FATF) විසින් නිකුත් කළ වාර්තාවක් හරහා මේ බව අනාවරණය කර ඇත.
 
එම කාර්ය සාධක බලකාය සකස් කල වාර්තාවට අනුව අනෙකුත් රටවල් 10 වන්නේ, බොස්නියාව සහ හර්සගොවීනා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටි‍්‍රනිඩෑඩ් සහ ටුබාගෝ, ටියුනීසියාව, වනවාටු සහ යේමනය යි.
 
මෙම රටවල් අනාවරණය කරමින් අන්තර් ආණ්ඩු මූල්‍ය කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකාය සඳහන් කර  සිටින්නේ කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක්‌ වී ඇති පසුබිමේ එය වළක්වාලීමට නිසි පියවර ගැනීමට අසමත් මෙම  රටවල් දැඩි අවදානම් සහිත සහ පාලන අධීක්ෂණයට ලක් විය යුතු රටවල් ලෙස සැළකිය යුතු බවය.
 
මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමේදී නීතිමය, නියාමන සහ කි‍්‍රයාකාරී පියවර ගන්නා මෙම කාර්ය සාධක බලකාය, තම නිර්දේශ නිසි අයුරින් රටවල් පිළිපදින්නේ ද යන්න පිළිබඳව ද අධීක්ෂණය කරයි.
 
මෙම කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව 2017 ඔක්තෝබර් මාසයේදී එකගත්වය පළ කළ අතර  ඊට අදාළව ඇති නිර්දේශ 40ක් මේ වසර අවසන් වීමට පෙර  කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා මහබැංකුව බලාපොරොත්තු වන බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න