Language Switcher

V2025

සිරිසේන ජනාධිපති : අද සිට උපාධිධාරියෙක් !

ජනාධිපති සිරිසේනට උපාධියක් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව ‘විද්වත් ජන ප්‍රසාදින’ සම්මාන උපාධිය ඔහුට පිරිනැමෙනු ඇති අතර ඒ අද (29) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිත උපාධි ප්‍රධානෝත්සවයකදීය.

එසේම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙතද එහිදී උපාධියක් පිරිනැමීමට නියමිත බව වාර්තා වන අතර ඒ "විබූධ ජන ප්‍රසාදිනී " සම්මාන උපාධියයි.