මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් කෝටි 120ක් අතුරුදහන් වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය සඳහන් කරයි.
අදාල මුදල් අතුරුදහන් වීම සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇතැයි යනුවෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා වෙත ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය කාර්‍යාලය මේ බව නිවේදනය කර සිටියි.
ඊට අනූව මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් කෝටි 120ක් අතුරුදහන් බවට පසුගියදා පැවති ආණ්ඩු කණ්ඩායම් හමුවේදී අමාත්‍යවරයකු කරුණු දක්වා පැමිණිලි කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වා ඇත්තේ ඒ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් කැදවන ලෙසය.
ඒ හැර කිසිදු අවස්ථාවක පරීක්ෂණයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා දන්වා නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
