Language Switcher

V2025

රාජපක්ෂ පවුලේ රහස් හෙළි කරන්න සජින් වාස් සූදානම් : පොහොට්ටුව දෙදරයි !

අද පොහොට්ටුවේ වීරයින් ලෙස කෑ ගසන අයට වඩා ඒ තුළ ඇති සත්‍ය තත්ත්වය තමන් දන්නා බවත් ඒ සියල්ල ඉදිරි දේශපාලන තත්ත්වය හමුවේ අනාවරණය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර පොහොට්ටු පාර්ශවයේ නායකත්වය සමග ඉතා සමීපව සිට කටයුතු කල තමන් දන්නා දේවල් වලින් පත්තර වලින් දකින දේවල් වලට වඩා දෙයක් දැනගන්නට ලැබෙනු ඇති බවටත් ඔහු අනතුරු හඟවයි.

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ ඇති නඩු වලදී තම නිරවද්‍යතාව වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

සජින් වාස් කට ඇරියොත් රාජපක්ෂ පවුල අමාරුවේ !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ප්‍රකටව සිටින්නේ රාජපක්ෂ පවුලේ ඉතා සමීපතමයකු ලෙසය. ඔහු යහපාලන ආණ්ඩුව යටතේ බන්ධනාගාර ගතකර සිටියේ එම පවුල් සම්බන්ධතා මත සිදුකළ ගනුදෙනු හරහා මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා ලැබූ නිසාය.

තෙවරක් බන්ධනාගාර ගතකර සිටි ඔහු මේ වන විට දැඩි ඇප කොන්දේසි යටතේ නිදහස ලබා ඇති නමුත් අදාල නඩු තවමත් අවසන් නැත. ඒ පසුබිමේ සජින් වාස් ගුණවර්ධන ඉදිරියේ සිදුකරන බව කියන අනාවරණ හරහා රාජපක්ෂ පවුල් දේශපාලනය දැඩි අර්බුදයට ලක්වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේද අදහස වී තිබේ.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ මහින්ද සිය මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති කරන විට මිහින් ලංකා ගුවන් සේවයේ සභාපති කරවූයේ සජින් වාස් ගුණවර්ධන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ව්‍යාපාර කටයුතු සඳහා පවා සජින් වාස් ගුණවර්ධන මැදිහත්වී ඇති බවත් දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

පොහොට්ටු පක්ෂය තියෙන්නේ රාජපක්ෂ පරම්පරාව රැකගන්න !

අදාල මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් සජින් වාස් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ පොහොට්ටු දේශපාලනය මේ වන විට එක් පරම්පරාවක් ආරක්ෂා කිරීමට සීමාවී ඇති බවයි. මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සහ පරම්පරාවක් ආරක්ෂා කිරීම දෙකක් බවත් ඔහු අවධාරණය කළේය.

ගෝඨාට වෙන්නේ හාවා සහ ඉබ්බා තරගයේ හාවාට අත්වූ ඉරණම !

තවද මේ වන තුරු ජනාධිපතිවරණය කැඳවා නොමැති බවත් එහෙත් හාවා සහ ඉබ්බා ගේ තරගය මෙන් පොහොට්ටු අපේක්ෂකයා කියාගෙන කෙනෙක් ඔටුන්න දාගෙන දුවන්නට ගෙන ඇති බවත් ඔහු පැවසීය. එහිදී අත්වීමට නියමිත වන්නේ හාවා සහ ඉබ්බා අතර තරගයේදී වූ දෙයම බවත් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙරට ජන සංයුතිය ගැන කිසිදු තැකීමක් පොහොට්ටුව නම්කර ඇති ජනාධිපති අපේක්ෂකයා ට නොමැති බවත් ඔහු අමු ජාතිවාදීන් පිරිසක් සමග ගොස් පරාජය වීම අනිවාර්ය බවත් සජින් වාස් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

රෑ වැටුනු වලේ දවල් වැටෙන්න බෑ !

යහපාලන ආණ්ඩුව මුල් සමයේ සංවිධානය කළ නුගේගොඩ රැළියට සෙනග ගෙනයාම නිසා තමන් බලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කෙරුණු බවත් එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීම තමන් කරගත් වරදක් බවත් ඔහු පැවසීය.

එහෙත් තමන් ගාල්ලේ දේශපාලන කටයුතු නවතා නොමැති බවත් ඉදිරියේ පොහොට්ටු දේශපාලනය හැර මේ රටට ජයග්‍රහණ අත්කර දිය හැකි , රටේ තිබෙන ප්‍රශ්න විසඳිය හැකි දේශපාලන කඳවුරක් තෝරාගෙන තම ජනතාව සමග එක්වන බවත් ඔහු පැවසීය. එසේම තමන් කාලයක් වැරැදි පාරක ගිය බවත් ඔහු පැවසීය.

පොහොට්ටුවට තනියම දිනන්න බෑ !

මේ වන විට පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුපස යන්නට ගෙන ඇති බවත් ඒ ශ්‍රිලනිප සහය නැතිව එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ඇති ඉතා ප්‍රබල දේශපාලන සන්ධානයට තරගයක් දීමට නොහැකි බව අවබෝධ කරගෙන ඇති නිසා බවත් ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ හාවා සහ ඉබ්බා ගේ තරගයේ මෙන් නොවී පොහොට්ටුව ක්‍රියාත්මක වියයුතු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය සලකා බලමින් බවයි.

සජින් වාස් කිව්වේ බැසිල්ගේ මතය !

besil r 1000px

මීට සමාන අදහසක් පසුගිය 27 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමග පොහොට්ටු පාර්ශවය පැවති සාකච්ඡාව හමුවේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද පවසා තිබිණ.

ඒ තම පාර්ශවය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රිලනිප සමග සන්ධානයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවය.

එහෙයින් ශ්‍රිලනිප ය සමග පොදුජන පෙරමුණ ගොඩනැගීමට යන සන්ධානය ගැන තමන් දැඩිව උනන්දු වන බවත් ඔහු එහිදී පවසා තිබිණ.

ඉදිරියේ දී මහින්ද - මෛත්‍රී හමුවක් හරහා යෝජිත සන්ධානයේ කටයුතු අවසන් අදියරට ගේමට කටයුතු සූදානම් කරන බවත් ඔහු පවසා තිබිණ.