Language Switcher

V2025

විශ්වවිද්‍යාල වරම් අහිමිවන සියළු තරුණ තරුණියන් නූගතුන් නොවෙයි - ඇමති රිෂාඩ් බදියුදීන්

"අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන් නූගත් කියලා" යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසුයේ ඊයේ (28) රුපියල් මිලියන 714ක් වැය කරමින් ගම්පහ,යක්කල, වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය විවෘත්ත කළ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා,

ආයුබෝවන්, වනක්කම්, අස්ලාම් අලෙක්කුම්, ඔබ සියලු දෙනාටම සුභ සැන්දෑවක්, මෙම අවස්ථාවට සහභාගිවන හිටපු ජනාධිපතිනි ගරු චනද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියනි, අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමනි, ඒ වගේම අප අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමනි, මෙම අවස්ථාවට සහභාගිවන ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ගරු ඇමතිතුමන්ලා සහ මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාගෙන්ම අවසරයි.

ඒවාගේම මෙම අවස්තාවට සහභාගිවන අප අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සහභාගි වන සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ගෙන්ද අප අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි සභාපතිතුමාලාගෙන්ද, අධ්‍යක්‍ෂ ජනරාල්තුමන්ලාගෙන් ඇතුළු සියලුම නිළධාරීන්ගෙන් අවසරයි,

ඒ වගේම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය, ගම්පහ යක්කල, වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් ඇතුළු මෙම අවස්තාවට සහභාගිවන සියලුම දෙනාගෙන් අවසරයි.

අද මේ අවස්ථාව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂී දිනයක්. ශ්‍රී ලාංකීය කාර්මික සහ වෘත්තිය අධ්‍යාපනයේ ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින් අද විවෘත වන ගම්පහ, යක්කල වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අනාගතයේ උසස් වෘත්තීන් ලබා ගැනීමේ මග පෙන්වන ප්‍රධාන තෝතැන්නක් වනවා බවට පත්වෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 4.64ක්, එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 714 ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කරමින් ඉදි කරන ලද මෙම කාර්මික විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ඒ වාගේම ආචාර්යවරුන් සඳහා නිළ නිවාස සංකීර්ණය, ඒ වාගේම අපේ දරු දැරියන් සඳහා කොරියානු තාක්ෂණයෙන් ආරම්භ කරන ලද සියලු තාක්ෂණය සහිත අංග සම්පූර්ණ වැඩහල සිසු අයිතියට පත් මේ මොහොතේ සිට පත්වෙනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන් නූගත් කියලා. එම සියලු විශ්වවිද්‍යාල වරම් අහිමිවන දරුවන්ගේ විශ්වවිද්‍යාල තක්සලාව බවට පත් වන්නේ අප අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය අධ්‍යාපන ආයතනයන් සියයට අනූවකට වඩා උසස් පෙළ විභාගයට පෙනී හිටි දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වගකීම අප සතු වෙනවා. ඒ සදහා විද්‍යාත්මක, තාක්‍ෂණික ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට වෘත්තීය දැනුම කුසලතාවය ලබා දෙනවා. එම දරුවන් සමාජයෙන් කොන්විමට අපි ඉඩ තබන්නේ නැහැ.

අද මේ විවෘත්තවූ කාර්මික විද්‍යාලයද නවීන තාක්‍ෂණික උපකරණ ඔබ වෙනුවෙන් ලබාදී තිබෙනවා. ඒමගින් නවීන තාක්‍ෂණික යාන්ත්‍රික දැනුම ඔබට ලබාගත හැකියි. ඔබගේ අධ්‍යාපනය සදහා දෙස් විදෙස් පුහුණු ගුරු මණ්ඩලයක් සිටිනවා. ඔබ වෙනුවෙන් විශේෂිත පාඨමාලා 08ක් අළුතින් ආරම්භ කර තිබෙනවා. අප අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 11ක් මඟින් මේ වන විට වෘත්තීය නිපුණතා පාඨමාලා 400 කට වැඩි ප්‍රමාණයක් හඳුන්වාදී තිබෙනවා. කාර්මික විද්‍යාල වලින් පමණක් පාඨමාලා හදාරන පිරිස වසරකට 35000කට වැඩි. මෙම පාඨමාලා සාර්ථකව නිමකර සහතිකපත් ලබා ගන්නා දරු දැරියන්ට ඍජුවම දේශීය සහ විදේශීය රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

"නව තාක්ෂණයෙන් නව ලොව ජය ගනිමු"

"නව තාක්ෂණයෙන් නව ලොව ජය ගනිමු" යන තේමාව මුල් කරගනිමින් දැනුම, විද්‍යාව, තාක්ෂණය, කුසලතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර මුල් කරගනිමින් සියලුම පහසුකම් වර්තමාන රජය විසින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම මෙම පාඨමාලා සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, යටිතල පහසුකම්, සන්නිවේදන මාධ්‍ය මේ සියලුම දේවල් වල මූලිකත්වයෙන් මෙම පාඨමාලා ලංකාව පුරා සාර්ථකව සිදුවෙමින් පවතිනවා. අපේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්ත ක්ෂේත්‍රයේත්, අවශ්‍ය නිපුණතාවය සහිත තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීම අපගේ එකම බලාපොරොත්තුවයි.

ඒ වගේම දියුණු වන ලෝකයේ සංවර්ධනය කරා පියමනින රටක් විදිහට අපි අපේ තරුණ නිපුණතා ශ්‍රමය ලෝක වෙළෙඳපොළත් සමග තරග කිරීමට හැකි පරිදි දියුණු කිරීම අපගේ ඒකායන බලාපොරොත්තුව. ඒ මඟින් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතිකපත් ලබාදීම මගින් නිපුණතාවක් ලබා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ලෝකයේ ඕනෑම තැනක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේ කුසලතාවය අපි ලබා දෙනවා. ඒ මගින් ජාත්‍යන්තරය ජය ගෙන ලෝකයේ ඕනෑම රටක තියෙන වෘත්තීන්ට ඉල්ලුම් කරලා අපේ තරුණ පරම්පරාව ජාත්‍යන්තර රැකියා අවශ්‍යතාවයට ගැලපෙන වෘත්තීය නිපුණතා සහිත වෘත්තිකයන් බිහි කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකර තිබෙනවා.

නිපුණතාවයක් සහ කුසලතාවක් රහිත ශ්‍රමිකයින් විදේශ රටවලට යවා අඩු වැටුපකට රැකියාවක් ලබා දෙනවාට වඩා නිපුණතාවයක් සහිත වෘත්තීමය රැකියාවක් ලබා දීලා ඔවුන්ට විශාල ආදායම් මාර්ගයක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. ඒ අනුව නව තාක්ෂණයෙන් නව ලොව ජයගැනීමට වර්තමාන තරුණ පරම්පරාවට හැකියාව ලැබෙනවා.

අපේ බලාපොරොත්තුව !

මේ මගින් විදේශීය රැකියා වෙලදපලේ වැඩි පංගුවක් හිමිකරගෙන විශාල ආදායමක් රටට එකතුකර ගැනිම අපගේ බලාපොරොත්තුවයි. ඒ මගින් ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුලේත් ජීවන තත්වය ඉහල යනවා. මෙවන් පරිසරයක් තුල වර්තමාන තරුණ පරම්පරාව අයාලේ යායුතු නැහැ. ඔවුන්ගේ අනාගතයේ සුරක්‍ෂිතතාවය අපි තහවුරුකර තිබෙනවා. මා ඉල්ලා සිටිනවා වර්තමාන තරුණ පරම්පාරාවෙන් යහපත් වෘතිකයෙකු වීම සදහා අප ආයතන සදහා එක්වන ලෙස.

මේ අවස්තාවේ මා විශේෂයෙන් ස්තූතියි කරනවා කොරියානු රජයේ ආර්ථික සංවර්ධන පිළිබද සහයෝගීතා අරමුදලට හා ඇක්සිම් බැංකුවේ අධ්‍යක්‍ෂක තුමන්ට.අද උදේත් මමත් මගේ අමාත්‍යාංයේ ලේකම් තුමත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා. එහිදි අපි සාකච්ඡා කළා ඉදිරියේදී දිවයිනතුල මේ වගේ මධ්‍යස්තාන 10ක් ඉදි කිරීමට. ඒවගේ අද මේ ස්තානයට පැමිණ සිටින ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට මාගේ ස්තූතිය පුද කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මැතිතුමා මේ කාර්මික විද්‍යාලය ගොඩ නැංවීමට විශාල වශයෙන් මහන්සිවුනා. මෙම කටයුතු සාර්තක කර ගැනීම සදහා අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, කැපවීමෙන් කටයුතු කරනවා. අමාත්‍යාංශ ලෙකම්තුමා ප්‍රමුක නිළධාරීන් ආයතන ප්‍රධානීන් පුමුඛ නිළධාරී මණ්ඩලය මේ සියලුදෙනා මේ කටුයුතු සාර්තක කර ගන්න ඇපකැප වී කටයුතු කරනවා. මම මෙය අවස්තාවක් කර ගන්නා ඒ සියලු දෙනාටම ස්තූතියි කරන්න. ඒ වගේම විශේෂයෙන් මෙම වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලයේ විදුහල්පතිතුමාට, මෙම කාර්මික විද්‍යාලය මේ තත්වයට දියුණුකර ගැනීම සදහා වෙහෙස මහන්සිවී අධ්‍යාපනය ලබාදුන් සියලූම ගුරු තුමන්ලාට, කාර්ය මණ්ඩලයට, ස්තූතියි කරන්න කැමතියි.