එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.
අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරුන් වෙත එල්ලවී ඇති චෝදනාව වන්නේ පක්ෂ විනය කඩකර කටයුතු කිරීමය.
පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ විජේදාස රාජපක්ෂ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහු ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයට සහය දෙමින් ඊට නායකත්වය දුන් සිරිසේන ජනාධිපති සමග එක්විය.
රතන හිමි ද කාලයක් ජනාධිපති සිරිසේන වෙත සහය දෙමින්, තවත් වරෙක ස්වාධීන යැයි කියමින් සහ ඇතැම් අවස්ථාවලදී ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දෙන බව සඳහන් කරන අතර දැන් රතන හිමි ඉන්නා පාර්ශවය රතන හිමි හෝ දන්නේදැයි කිව නොහැකි බව විචාරක මතය වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
