පිස්තෝල නගරාධිපතිට : හිර ගෙදර විශේෂ සැළකිලි !

පිස්තෝල නගරාධිපතිට : හිර ගෙදර විශේෂ සැළකිලි !

වසර පහක සිරදඬුවම් නියමව අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරදඬුවම් නියම වූවකු මුණගැසීමට බාහිර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වතාවක් වුවද හිටපු නගරාධිපතිවරයා මුණගැසීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී ඔහුගේ නෑසිය මිතුරන්ට බන්ධනාගාර පරිපාලනයෙන් ලැබී ඇතැයි පැවසීය.

වසර පහක සිරදඬුවම් නියම වූවකු සාමාන්‍ය ගණයේ අපරාධකරුවකු හැටියට සැළකුවද ඔහුට හිමිව ඇත්තේ විශේෂ ගණයේ අපරාධකරුවකුට හිමි වන අවස්ථා යැයි ද එම ප්‍රකාශකයා කීය.

ඒ අනුව ඔහුට බන්ධනාගාරයට පිටතින් ගෙනෙන කෑම දිය නොහැකි නමුත් මෙම විශේෂ වරප්‍රසාදිත තත්ත්වය යටතේ ඔහුට බාහිරින් කෑම සැපයීම සිදුවන්නේ යැයි ද කියති.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට වසර පහක සිරදඬුවම් නියම කෙරුණේ 2014.04.17 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේය.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ H වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිටි හිටපු නගරාධිපතිවරයා පසුගියදා හදසියේ අසනීප වී තංගල්ල රෝහලටද ඇතුළත් කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න