Language Switcher

Ad

Ad 01

V2025

 රනිල් සජිත් කරූ : තීරණාත්මක හමුව අද  හවස !

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය  සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මේ බව ඩේලි මිරර් වාර්තා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත වාර්තා කර ඇත.
 
ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.