සති අන්තයේ සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ලබයි !

 සති අන්තයේ සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ලබයි !

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හාඑම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (10) රාත්‍රී 9.30ට ආරම්භවූ සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබෙන බව ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

තවද  එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ සමග එකඟත්වයක් ඇති කරගැනීමට කමිටුවක් පත කර තිබෙන අතර  මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා අගමැතිවරයාගේ නියෝජිතයකු ගෙන් එම කමිටුව සමන්විත බවත් එම පුවතේ සඳහන් කර ඇත.

එම පක්ෂ වල අනුමැතිය මත මෙම සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න