''රනිල්, රටට ලැබිය යුතු ජනාධිපතිවරයෙකු වුවත් ඔහුට දිනන්න බැහැ'' - මංගල

''රනිල්, රටට ලැබිය යුතු ජනාධිපතිවරයෙකු වුවත් ඔහුට දිනන්න බැහැ'' - මංගල

සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට එක්සත් ජාතික පක්ෂය වහාම පෙරට ආ යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ttvnews.lk වෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවක දී ඇමතිවරයා එම ඉල්ලීම කර ඇත.

''චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ රනිල් බැහැ කිව්වේ රනිල්ට පුළුවන් නිසා බව ඔබ පසුව කිවා. එහෙම රනිල්ට පුළුවන් කියපු ඔබ දැන් රනිල් වෙනුවට සජිත් ප්‍රේමදාසව ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන්න හදනවා. ඒ ඇයි ? '' එම වෙබ් අඩවියේ කර්තෘ දිලිනි සමන්මලී කල විමසීමකදී ඇමතිවරයා මෙසේ කරුණු විග්‍රහ කර ඇත.

''රනිල්ට බෑ කියලා පෝස්ටර් ගහපු එක ඇත්ත. ඒ වගේම ඒ ගැන මම දැනටමත් කියලා තියෙනවා වගේම රනිල්ට බෑ කියලා කිව්වේ ඒ මොහොතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට විරුද්ධව තිබුණ ප්‍රධානතම ශක්තිමත්ම බලවේගය තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඒ තීන්දුවත් එදා ගත්තේ සමීක්ෂණ වාර්තාවලින්.

මොකද 99 වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් හිටියේ කරට කර. ඡන්ද ප්‍රතිඵලවලිනුත් ඒ බව ඔප්පු වුණා.

ඒ විතරක් නෙවෙයි ඇත්ත වශයෙන්ම 2005 දී පවා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහත්මයත් එක්ක හිටියේ කරට කර. එතුමා පරාජයට පත්වුණේ sep 11 Text 6උතුරේ එල්ටීටීඊ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට දාන්නට එහෙමත් නැත්නම් ඡන්දය පාවිච්චි කරන්නට නොලැබුණ නිසා.

නමුත් ඒ හා සමාන ජනප්‍රියතාවයක් එදා කිසිම දේශපාලඥයෙකුට තිබුණේ නැහැ. එදා තිබුණ ජනප්‍රියතාවය අද නැහැ. ඕනෑම ජනප්‍රිය කෙනෙකුට මේ තත්වය ඇතිවෙනවා. ඇත්ත වශයෙන්ම මේ කියන ඒවා ගැන කව්රුවත් තරහ වෙන්න ඕනේ නැහැ. මොකද හැංගි හොරා කතා නොකරන කෙනෙක් තමයි මම.

අද හැම සමීක්ෂණයකින්ම පේන්නේ මම මුලින් කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහතා ඇත්ත වශයෙන්ම මේ රටට ලැබිය යුතු ජනාධිපතිවරයෙකු වුවත් එතුමාට ජනාධිපතිවරණය ජයගන්නට අද තියෙන තත්වය යටතේ හැකියාවක් නැහැ.

අන්න ඒ නිසා තමයි අපි යලි වතාවක් කියන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති බවට පත් කරන්නට වහාම පක්ෂය පෙරට එන්න ඕනේ.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න