අගමැති රනිල් මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් අරගෙන !

අගමැති රනිල් මන්ත්‍රීවරුන්ගෙන් ලියුම් අරගෙන !

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සහය පළකර ලිපි භාරදී ඇති බව එජාප ජේෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් රාවය පුවත්පත වාර්තා කරයි.

"එජාප අනෙකුත් පක්ෂ සජිත්ට සහය පළකරයි" යන මෙවර රාවය ප්‍රධාන සිරස්තලය ඇතුලත් පුවතේ මේ බව සදහන් කර තිබේ.

මේ වන විට එජාප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 65% ක් පමණ එම ලිපි භාරදී ඇති බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මීට පෙර සහය පළකළ අයත් ඒ අතර සිටින බව එම ජේෂ්ඨ අමාත්‍යවරයා පැවසූ බවත් එම පුවතේ සඳහන් කර ඇත .

දිනන්න පුළුවන් නම් එනවා - අගමැති රනිල් 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැකි නම් තමන් ඊට තරග කිරීමට ඉදිරිපත් වන බවත් ජයගත නොහැකි නම් තමන් පිට වී යන බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට බියගම හා කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින් පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමුවෙමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කර ගත්තේ නායකයා ලෙස තමන් බවත් අගමැතිවරයා සදහන් කර ඇත.

අවුරුදු හැත්තෑවක් වන තෙක් දේශපාලනයේ කටයුතු කර තනතුරු රැසක් දැරූ තමනට දේශපාලනය සමුගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී නායකත්ව අභියෝගය බාර ගනිමින් අසීරුම කාලයේ දී කටයුතු කළ ආකාරයත් එහිදී මතක් කර දුන් අගමැතිවරයා පක්‍ෂය වැටුනු සෑම අවස්ථාවකදීම ගොඩ ගත් ආකාරයද මතක් කර සිටි බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න