නඩුවක තීන්දුව දීම 14 වරක් කල් දමයි

නඩුවක තීන්දුව දීම 14 වරක් කල් දමයි
මනිලාල් වෛද්‍යතිලක මහතා කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකුව සිටියදී විභාග කළ නඩුවක්, විභාගය අවසන් වී වසර දෙකක් ගතවී ඇතත් තවමත් තීන්දුව ලබා නොදී, තීන්දුව ලබාදීම 14 වතාවක් කල් දමා ඇතැයි රාවයට දැනගන්නට ලැබේ.
 
තීන්දුව ලබාදීම 14 වතාවක් කල්දමා ඇති කොළඹ මහාධිකරණයේ 3158/2006 අංකය දරන නඩුව, හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇත. එහි පළමු විත්තිකරු අධිකරණය මගහැර සිටින අතර දෙවන විත්තිකරු වන නවරත්නම් තමිල් චෙල්වම් ඇප මතද, තුන්වැන්නාවන යෝගරාජ් රංජිත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.
 
මනිලාල් වෛද්‍යතිලක විනිසුරුවරයාව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස් කරන ලෙස පසුගිය කාලයේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණද එවකට සිටි අගවිනිසුරුවරුන් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කර නොතිබිණි.
 
මේ වන විට ඔහු බස්නාහිර බළාත්බද සිවිල් අභියාචනාධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කරයි.
 
කලකිරීමට පත්ව සිටින නීත්ඥ පිරිස පැවසුවේ කුමන විනිසුරුවරයෙකු කුමන අධිකරණයකට මාරු වී ගියද තමන් පෙර විභාග කර අවසන් වූ නඩුවල තීන්දු ලබාදීමට බැඳී සිටින බවය.
 
ප්‍රියන්ත ප්‍රදිප් රණසිංහ
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න