සුජීව සහ අජිත්ගේ සාමාජිකත්වය අත්හිටුවේ : එජාපය තීන්දුව ගනියි !

සුජීව සහ අජිත්ගේ සාමාජිකත්වය අත්හිටුවේ : එජාපය තීන්දුව ගනියි !

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ අයගේ  පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත බාර දී ඇතැයි ද පැවසේ.

විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකාබලා ස්ථිර තීන්දුවක් ගැනීම සිදුකෙරෙන බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර මෙම අමාත්‍යවරුන්ගේ ක්‍රියා කළාපය ගැන  විනය පරීක්ෂණයක් පැවැත්වීමට කැඳවා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ලිපි යොමුකර තිබූ අතර ඊට සහභාගී වීම වෙනුවට මෙම අමාත්‍යවරුන් කටයුතු කර සිටියේ අදාල ලිපිය ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධව විවේචනය කරමින් මහ ලේකම්වරයා වෙත පෙරළා ලිපි යොමු කිරීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න