ඉන්දියාවේ නගර 4ක් සමග සෘජු ගුවන් ගමන් ළඟදීම !

ඉන්දියාවේ නගර 4ක් සමග සෘජු ගුවන් ගමන් ළඟදීම !

ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (13) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දියානු දූත පිරිස දෙරට අතර පවතින සබදතාව තව දුරටත් වර්ධනය කරගත යුතු බව පෙන්වා දුන්හ.

පලාලි කලාපීය ගුවන්තොටුපල හා ඉන්දියාවේ නගර 04ක් අතර නොදුරු අනාගතයේදී ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවාව හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් ද සහභාගි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න