ශ්‍රිලනිපය පුපුරයි : නිමල් සිරිපාල ඇතුළු 4ක් පොහොට්ටුවට යාම ස්ථිරයි !

 ශ්‍රිලනිපය පුපුරයි : නිමල් සිරිපාල ඇතුළු 4ක් පොහොට්ටුවට යාම ස්ථිරයි !
කාලයක් තිස්සේ මෝරායමින් පැවති ශ්‍රිලනිප අභ්‍යන්තර අර්බුදය තීරණාත්මක අඩියකට පත්වෙමින් ශ්‍රිලනිප ප්‍රබලයන් 04දෙනෙකු පක්ෂය හැර යාමට නියමිත බව වාර්තා වෙයි.
 
ඉදිරි සතියක දෙකක කාලය තුළ එය සිදුවනු ඇති බවත් ඒ අනුව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් තවත් තිදෙනකු පක්ෂයෙන් ඉවත්ව යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
 
මීට හේතුවී ඇත්තේ පක්ෂ නායක සහ සභාපති ජනාධිපති සිරිසේනගේ දුර්වල නායකත්වය බවත් වාර්තා වෙයි. සෘජු තීන්දු තීරණ ගන්නවා වෙනුවට දේශපාලන කුමන්ත්‍රණ ගැන විශ්වාසය තබා සිටින සිරිසේන ජනාධිපති සමග තවදුරටත් දේශපාලනය කිරීම කිසිම තේරුමක් නැති බව මේ පිරිසේ ස්ථාවරය බවත් වාර්තා වෙයි.
 
එමෙන්ම පොහොට්ටු පාර්ශවය ජනාධිපති අපේක්ෂකයා නම්කර ඇති විට ඒ සම්බන්ධව නිශ්චිත සාකච්ඡා සිදුකර තීන්දුවක් ගනු වෙනුවට වැනෙමින් සිටීම සම්බන්ධව ද මේ පාර්ශවයේ බරපතල විවේචනයක් ඇති බවත් වාර්තා වෙයි.
 
විධායක ජනාධිපති ධූරය තිබී ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට පක්ෂයට නොහැකි වූයේ ජනාධිපති සිරිසේනගේ දුර්වලත්වය නිසා බවත් ඔහු පක්ෂය මෙහෙයවූ ඉතිහාසයේ දුර්වලම සහ කිසිසේත් එක ස්ථාවරයක නොමැති අයෙකු බවත් මේ පිරිසේ අදහස වී තිබේ. එම පාර්ශවය සඳහන් කරන ආකාරයට යුද සමයේ කටුනායක ගුවන් තොටුපොළ පවා එල්ටීටීඊ ප්‍රහාරයට ලක්ව  ආර්ථිකය සෘන වූ කාලයක කාන්තාවක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මීට වඩා සිය ගුණයක් සාර්ථකව පක්ෂය මෙහෙයවා තිබේ.
 
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නිමල් සිරිපාල ද සිල්වා සහ  අනෙක් මන්ත්‍රීවරුන් තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න