ඉදිරිපත්වී සිටින කිසිම අපේක්ෂකයකුට 40% ක් ගන්න බෑ - සිරිසේන 

ඉදිරිපත්වී සිටින කිසිම අපේක්ෂකයකුට 40% ක් ගන්න බෑ - සිරිසේන 

මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ දැනට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට 40% ඡන්ද සීමාව ඉක්මවා යාමට නොහැකි බව යැයි ජනාධිපති  සිරිසේන පවසයි.

එනිසා කිසිම පුද්ගලයෙකුට එන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතුව ජනාධිපතිවරයා බවට පත්විය නොහැකි යැයිද ජනාධිපතිවරයා  සඳහන් කර ඇත.

ඒ ඊයේ (15) රත්නපුරයේ  පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය වෙනුවෙන් තානාපති කාර්යාල සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන් සාකච්ඡාවක නැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා විසින් කථානායකවරයාට ලබාදුන් ලිපිය හේතුවෙන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් ආ ඉහළම නායකයන්ට හා පහල පාක්ෂිකයන්ට කෙළෙහි ගුණයක් ඇති නමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතක වී ඇතැයිද කියා සිටියේය.

ඇතැම් පිරිස් ඉන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පසු පාර්ලිමේන්තුව ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වයේදී තමන් හමුවේ බැගෑපත් වූ බවද ඔහු කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න