ජවිපෙ සීනුව අත්හරියි !

ජවිපෙ සීනුව අත්හරියි !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත පවසයි.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජනහමුව අමතමින් ඊයේ (15) ඔහු මේ බව සඳහන් කළේය.

ස්වේච්ඡා සංවිධාන 30ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග   වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද ඔහු  කියා සිටියේය.

මෙරට දේශපාලනය කරන කිසිදු අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර අන් අයට ගරු යන නාමය ලබා දිය නොහැකි බව ද සඳහන් කළේය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට ගරු යන නාමයෙන් හඳුන්වන්නේ මෝඩයා සහ වන්දිභට්ටයන් බවද හෙතෙම සඳහන් කළේය.

තම ජනාධිපති අපේක්ෂකයාට ගරු  නාමයෙන් හැඳින්විය හැකි බවත් ඔහු  වසර විස්සක පාර්ලිමේන්තු කාලයක් ගත කළ බවත් වසර 30ක දේශපාලන පන්නරයක් ලබා තිබෙන බවත් දේශපාලනය ලැබෙන සියලුම මුදල් පොදු ගිණුමකට යොදවා ඒවා මහජනතාව වෙනුවෙන් වියදම් කිරීම සිදු කරන නිසා අනුර කුමාර දිසානායකට ගරු යන වචනය ලබාදිය හැකි බවත් අන් කිසිදු අයෙකුට එසේ ලබාදීමට නොහැකි බවද ලාල්කාන්ත  වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මතක් වුණු සැණින් මහ බැංකු හොරකම සිහියට එන බවත් බැදුම්කර වංචාව සිහියට එන බවද සඳහන් කළේය .ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මතක් කළ   ගමන් භිසනය  සුදු වෑන් ලසන්ත මතක් වෙන බවද සඳහන් කළේය. ආරක්ෂක ලේකම් ලෙස සේවය කරන කල්හි දේශපාලනය කළ බවද ලාල්කාන්ත  චෝදනා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න