ජාතික රූපවාහිනිය ඇල්ලුවා ව්‍යවස්ථා විරෝධීයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ජාතික රූපවාහිනිය ඇල්ලුවා ව්‍යවස්ථා විරෝධීයි : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්‍යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

කතිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර  විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කොට ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා සතුව අමාත්‍යාංශ දෙකක් තිබියදී වෙනත් අමාත්‍යාංශයක් සතු ආයතනයක් පවරා ගැනීමට නොහැකි බව සඳහන් කරන පෙත්සම්කරුවන් එසේ කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි පෙත්සම ගොනුකර ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න