නිවාඩ් කබ්රාල් ඇමරිකාවේ 'ආම්ස් සර්විසස්' ලොක්කාව හමුවු‌ණේ ඇයි : දැඩි සැකයක් !

නිවාඩ් කබ්රාල් ඇමරිකාවේ 'ආම්ස් සර්විසස්' ලොක්කාව හමුවු‌ණේ ඇයි : දැඩි සැකයක් !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ආර්ථික උපදේශක, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මෑතක දී ඇමරිකාවේ සෙනටල් ජේම්ස් සින්හොෆ් හමුවීම සැකකටයුතු බව රාජපක්ෂ ආණ්ඩු සමයේ විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් එබව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා, ඇමරිකානු 'ඇක්සා' ගිවිසුමට හා 'සෝෆා' ගිවිසුමට විශාල විරෝධයක් දක්වන රාජපක්ෂ කඳවුරේ විමල් විරවංශ හා උදය ගම්මන්පිල පක්ෂ නායකයින් මෙම රහස් ගනුදෙනු සම්බන්ධයෙන් කුමක් කියන්නේදැයි විමසා සිටියි.

නිවාඩ් කබ්රාල්, ඇමරිකාවේ 'ආම්ස් සර්විසස්' ප්‍රධානය හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන වැඩි දුරටත් මෙසේද පැවසිය.

''නිවාඩ් කබ්රාල් මේ ලඟදි සෙනටල් ජේම්ස් සින්හොෆ්  කියන සෙනටර්වරයා ඇමරිකාවේ හම්බවෙලා තිබුණා. එතුමා සෙනට් මණ්ඩලේ ආම්ස් සර්විසස් කමිටි එකේ සභාපති. ආම්ස් සර්විසස් කමිටි කියන්නේ සම්පූර්ණ සෙනට් මණ්ඩලයේ සහ සම්පූර්ණ ඒ රාජ්‍ය තාන්ත්‍රිකයේ ආරක්ෂක කටයුතු පිළිබඳ සොයා බැලීම් සහ යම්කිසි ව්‍යවස්ථානුකූල බලයක්  තියෙන ඒ සෙනට් මණ්ඩලයේ කොමිටිය.

දැන් මම දැනගන්න කැමතියි නිවාඩ් කබ්රාල් මැතිතුමාගෙන්, එතුමා ඒ ආම්ස් සර්විසස් එකේ සභාපතිතුමාත් එක්ක සාකච්ඡා කරේ මොකක්ද කියන එක.

වි‌ශේෂයෙන් එතුමා පොදුජන පෙරමුණේ සාමාජිකයෙන් හැටියටත් මම පෞද්ගලිකවත් දන්නවා එතුමා ඉදිරියේදී  මහමැතිවරණයේ දී තරග කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මට තිබෙන මේ ආරංචි මාර්ග අනුව එතුමා යම්කිසි සාකච්ඡාවක් කරලා තියෙනවා ඉදිරියේදි පොදුජන ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඇමරිකාව සමග ඒ ගණුදෙනු කොහොමද කරන්න යන්නේ කියන කාරණය ගැන.

ඉතින් ඒක හොඳයි ඒක අපි සුබවාදී හැටියටයි දකින්නේ. මොකද අද ඇමරිකාව සහ ඉන්දියාව එක්ක අපි යම්කිසි  වැඩපිළි‌වෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒක මම හිතන්නේ ඒක මේ ගෝලීය ආර්ථිකය තුළ  මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියට යාම අපහසුයි." 

ඒ කෙසේ වෙතත් දැනට පවතින ප්‍රතිපත්ති අනුව මම දකින විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ඇක්සා ගිවිසුමට මේ සෝෆා ගිවිසුමට විශාල විරෝධයක් දක්වනවා. ඉතින් මේ වාතාවරණය තුළ එතුමා ගිහිල්ලා මේ සෙනෙට් මණ්ඩලයේ සභාපතිතුමා වන සෙනටර් ජේම්ස් සින්හොෆ් එක්ක තකාකරේ මොකක්ද කියන එක රට හමුවේ ප්‍රකාශ කිරීම එතුමාගේ වගකීමක්.

එතුමා කියලා තියෙනවා ආයෝජනය ගැනත් කතා කරා කියලා.   ආම්ස් සර්විසස් එකේ සභාපතිතුමාත් එක්ක  ශ්‍රී ලංකාව පිළිබඳ  ආයෝජනය ගැන මම හිතන්නේ ආරක්ෂක පැත්තෙන් සහ ඒ ඩිෆෙන්ස් ඒරියා ඒකේ තමයි කතාකරන්න තියෙන්නේ.

ඉතින් එවැනි දෙයක් වෙනවා නම් ඒ මොකක්ද කියන එක හරියට ප්‍රකාශ කිරීම මම හිතන්නේ එතුමාගේ වගකීමක්.

ඉතින් ඒ වගේම තමයි ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ සිටින විමල් වීරවංශ මැතිතුමා සහ උදය ගම්මන්පිල මැතිතුමා එහෙම මම හිතන්නේ මේ ගැන ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි. මොකද එතුමන්ගේ ප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ධව තමයි මම හිතන්නේ මේ නිවාඩ් කබ්රාල් මහත්මයාව දූතයෙක් වශයෙන් යවලා ඒ අවශ්‍ය කටයුතු කෙරීගෙන යන්නේ.

ඒ නිසා මම ඉතාමත් කාරුණිකව එතුමාගෙන් ඉල්ලනවා  අපට කරුණාකරලා කියන්න ඔබතුමාලගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා? ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න