බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරන්ගොඩව රුපියල් විසිපන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද (17) නියෝග කළේය.
වඳුරඹ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය විසින් බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වඳුරඹ ලේල්වල පදිංචි හීන්පන්දල ගමගේ හෂිනි කසුන් නමැති අයෙකි.
පසුගිය 13 වන සිකුරාදා වඳුරඹ නගරයේ පැවති මංගල උත්සවයකට සහභාගී වී එමින් සිටියදී සභාපතිවරයා සහ තවත් පිරිසක් මෙම තරුණයාට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
