දෙපැත්තේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළට : සිරිසේන ගිනි කෙළියකට සූදානම් වෙයි !

දෙපැත්තේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළට : සිරිසේන ගිනි කෙළියකට සූදානම් වෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සති දෙක තුළ අතිශයින්ම පෙරළිකාරී තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවත් තමන්ගේ සැබෑ බලය විදහා පෙන්වමින් ගන්නා එම ක්‍රියාමාර්ග හරහා ප්‍රධාන දේශපාලන දෙකේම ප්‍රධානීන් කිහිප දෙනෙකුටම අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය හැකි බවත් ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

ජනාධිපතිවරණය සඳහා මෙතෙක් දින නියම කිරීමක් සිදුව නැතත් දේශපාලන කරළිය උණුසුම් වෙමින් පවතී. එසේ ඇවිළෙන ගින්නට පෙරේදා දිනයේදී ජනාධිපතිවරයා විසින් ම භූමිතෙල් බාදියක් වත් කරනු අයුරු දක්නට ලැබුණේ නෙළුම් කුලුන විවෘත කරන අවස්ථාවේදීය. 

2018 ඔක්තෝබර් මාසයේ සිට තමන් සමඟ පවතින එකඟතාව අනුව ජනාධිපතිවරයා තමන්ට අත නොතබනු ඇතැයි රාජපක්ෂ පවුල සිතා සිටින්නේ නම් එයා ඉතාම වැරදි මතයක් බව ජනාධිපතිවරයා විසින් ඔප්පු කර පෙන්වූයේ ගෝඨාගේ සමස්ත ප්‍රචාරණ ව්‍යාපාරයේ හිස මතටම කුළු ගෙඩි පහරක් හෙළමිනි. කොළඹ ලස්සන කිරීමේ සහ නෙළුම් කුලුනෙන් ශ්‍රී ලංකාව අනාගතයට ගෙනයාමේ ගෝඨාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් නෙළුම් කුලුන දකින වතාවක් පාසා කෝටි 200ක මුදල් වංචාවක් ගැන සිහියට එන තැනට ජනාධිපතිවරයා විසින් රටම පත් කෙරිණි. 

මේ ආරම්භය පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

බැඳුම්කර නඩු විභාගයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අත් අඩංගුවට ගෙන සිරගත කිරීමේ සැලැස්මක් පවතින බව අපි මීට ඉහතදීත් පෙන්වා දුන්නෙමු. දැනට පවතින නව ප්‍රවණතා අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකුටමත් එම ඉරණමම අත්වීමට නියමිත බව අප වෙත වාර්තා විය. 

ඊට අදාළ සියලුම නීතිමය සාධක, සාක්ෂි සහිතව ලිපිගොනු තමන් සන්තකයේ තබාගෙන, ජනාධිපතිවරයා නිසි මොහොත පැමිණෙන තෙක් කල්මරණ බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 

(LNW )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න