රාජ්‍ය සේවය ස්ථිර නොවූ සේවක පත්වීම් ස්ථිර කරයි !

රාජ්‍ය සේවය ස්ථිර නොවූ සේවක පත්වීම් ස්ථිර කරයි !
 රාජ්‍ය ආයතනවල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට මෙසේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ආයතවල දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් ලබන මස 01 වැනිදා වන විට සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිතය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න