විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව අශිෂ්ටයි - සජිත් 

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව අශිෂ්ටයි - සජිත් 

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවක විධායක ජනපතිධුරය අහෝසි කිරිමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම නින්දිත, අශිෂ්ඨ සදාචාර සම්පන්න නොවන වැඩක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පැවැසීය.

ඊයේ (19) පැවැති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“එක් එක් පුද්ගලයින් තමන්ගේ මති මතාන්තර එක්කළා. නමුත් මේ වගේ යෝජනාවක් මේ වගේ තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේ. නාම යෝජනා දිනයක් තිබෙනවා. මැතිවරණ දිනයක් තිබෙනවා. එහෙම තියෙද්දී ජනාධිපතික්‍රමය අහෝසි කරන්න සාකච්ඡා කරන එකත් ඒක මහා නින්දිත ක්‍රියාදාමයක්.

ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. විධායක ජනපතිධුරය අහෝසි කිරිම ගැන සාකච්ඡා මීට සති දෙකකට පෙර කරන්න තිබුණා. සතියකට පෙර කරන්න තිබුණා. මේක අඟහරුවාදා සාකච්ඡා කරන්න තිබුණා.

දිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.

ඕනම ප්‍රගතිශීලි සන්ධානයකට අපි දොරටු විවෘත කර තිබෙන්නේ අපිත් සමග එකතු වෙලා විප්ලවීය වැඩසටහනේ කොටස්කරුවෙක් වෙන්න කියලා.

සදාචාර සම්පන්න අශිෂ්ඨ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වුණේ. ඒත් මං අහන්න කැමතියි ඇයි අවසාන මොහොතේ අවසාන තත්ත්පරයේ කරන්න හැදුවේ. ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න