රේගුවේ තිබූ රත්තරන් මහින්දට  දීලා : හිටපු රේගු ලොක්කන් 2ක් අත්අඩංගුවට ගන්න නියෝග !

රේගුවේ තිබූ රත්තරන් මහින්දට  දීලා : හිටපු රේගු ලොක්කන් 2ක් අත්අඩංගුවට ගන්න නියෝග !
 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් අනුව ඉදිවු සඳගිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට රේගුවේ රාජසන්තක කිරීමට තිබු රත්‍රං කිලෝ 08 ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ  තාරක සෙනෙවිරත්න යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  නියෝග කර ඇත.
 
 අනුරාධපුර  සඳහිරුසෑයේ තැන්පත් කිරිම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්තරන් සමාධි පිළිමයක තැන්පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදී, සාපරාධී විශ්වාසය කඩ කිරීම පොදු දේපල සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ සැකකරුවන්ට චෝදනා ගොනු කරමින් පසුගිය 19 වනදා  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.
 
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි මෙම සිද්ධියට අදාළව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර කණ්ඩායම් දෙකක් ඒ සඳහා යොමු කළ බවත් ඔවුන් නිවෙස් වලින් බැහැරව සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය
 
 මෙම සැකකරුවන් රටින් පිටවිමේ හැකියාවක් ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර මහේස්ත්‍රාත් වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කළේය.
 
උතුරු මුහුදේදි අත්අඩංගුවට ගත් රත්‍රං කිලෝ 45.3ක් අතරින් මෙම රත්‍රං කිලෝ 8 ලබා දී ඇති බවත් රේගු ආඥාපනතට පටහැනිව මෙම කාර්යය සිදු කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන ඔක්තෝබර් මස 8 වනදා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න