ජනාධිපති සිරිසේන යටතේ ඇති ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
ලක්‍ෂ හත හමාරක් වැය කර ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුව ඉවත් කර බව ද එහිදී හෙළි විය.
එම ව්‍යාපෘතියට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 15ක් බවත් ඉන් අඩකටක් අධික මුදලක් ගල් පුවරුවක් වෙනුවෙන් වැය කිරීම අනුමක කළ නොහැක්කක් බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සභාපති අසේල ඉද්දවෙල එහිදී පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් කිරීමට බවයි.
එමෙන්ම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පසුගිය වසරේදී සමාජ සත්කාර වියදම් බව කියමින් රුපියල් ලක්‍ෂ 79කට වැඩි මුදලක් වැය කර ඇතැයි කී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබියදී මෙම වසරේදීත් සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 350ක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.
කෝප් කමිටු සාමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

