රනිල් - කරූ - සජිත් : සාකච්ඡා ඇරඹේ !

රනිල් - කරූ - සජිත් : සාකච්ඡා ඇරඹේ !

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා කතානායක කරු ජයසුරිය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (22) පෙරවරු 10.30ට  පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම මෙම හමුවේ අරමුණ බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසීය.

මීට පෙර ද අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස  අමාත්‍යවරයා අතර මෙවැනි සාකච්ඡා කිහිපයක් ම පැවති නමුත් ඒවා නිමාවුයේ අවසන් වූයේ එකඟතාවයකින් තොරවය. කෙසේවුවද අද පැවැත්වෙන සාකච්ඡාව පලදායක වනු ඇතැයි එම හමුව සංවිධානය කිරීමට මැදිහත්ව සිටින දෙපාර්ශවයේ මැති ඇමතිවරුන්ගේ අපේක්ෂාව වී තිබේ.


අගමැතිගෙන් සංඥාවක් !

මේ අතර අගමැතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු ඊයේ කතානායක කරු ජයසුරියගේ නිවසේ දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හමුවී එජාප අර්බුදය විසඳා ගැනීම සඳහා දීර්ග වෙලාවක් සාකච්ජා පවත්වා ඇතයි නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අලුතින් කිහිප දෙනෙකු පත් කිරීමට කටයුතු යොදා ඇතැයි පලවන වාර්තා පදනම් විරහිත බවත් එවැන්නක් සඳහා කිසිඳු හෝ සුදානමක් නොමැතිබවත් එම ඇමතිවරයා එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

එය අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සඳහා අගමැතිවරයාගේ උත්සාහය ප්‍රකාශ කෙරෙන පූර්ව සංඥාවක් බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අතර ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා යටිනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමේ කටයුතු සාමකාමීව සිදුවෙනු ඇති බවයි.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසන්නේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂ නායකයින් අතර එකඟත්වයක් ඇතිකර ගනු ඇතැයි තමන්ට විශ්වාසයක් ඇති බවයි.

'පක්ෂය කඩන්නේ නැතුව ස්ථිරවම ජයග්‍රහණය කරා ගෙනියනවා'- අකිල

මේ අතර අගමැතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසුයේ, පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන බවයි.

අරලිය ගහ මන්දිරයේ ඊයේ (21) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ස්ථිරවම පක්ෂය බෙදීමකින් තොරව ජයග්‍රහණය කරා රැගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න