ගෝඨාගේ උපදේශක ඉරාජ්ගෙන් දෙමළ කාන්තාවන්ට තිරිසන් තර්ජනයක්..!

 ගෝඨාගේ උපදේශක ඉරාජ්ගෙන් දෙමළ කාන්තාවන්ට තිරිසන් තර්ජනයක්..!
ඉරාජ් වීරරත්න යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ධාරාවේ සංගීතවේදියෙකි. ඒ හැරුණුකොට ඔහු පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මුල් පෙළේ ප්‍රචාරක උපදේශකයෙකු බවටද පත්ව සිටී. පසුගිය වසර 2 ක පමණ කාලය මුළුල්ලේ ඔහු ගෝඨාභය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ ආකාරයෙන් ක්‍රියා කෙළේ ය. වෙනකක් තබා ගෝඨාභය රාජපක්ෂ ජනප්‍රිය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ සමන්තභද්‍ර හිමියන් බැහැ දැකීම සඳහා පවා කැඳවා ගෙන ගියේ ඉරාජ් ය. 
 
ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමට පෙර සිටම ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඉරාජ් වීරරත්න සම්බන්ධ වී සිටීම ගැන නාමල් යෝෂිත රාජපක්ෂ සහෝදරයන් සිටින්නේ මහත් නොකැමැත්තෙනි. එහෙත් ගෝඨාභය ඉරාජ් සමග තදින් බැඳී සිටී. 
 
ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ වහාම ඉරාජ් එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ‘මැතින්ටා’ නමින් වීඩියෝ ගීතයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ ය. ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ඒකකය විසින් මෙම ගීතය නිර්මාණය සඳහා ඉරාජ්ට වෙත සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය සෙසු දායකත්වය දක්වා ඇත.
 
පවතින රජය සහ දේශපාලන නායකයින් වෙත මඩ ප්‍රහාර එල්ල කරන ලෙස ගෝඨාභය විසින් තම මාධ්‍ය ඒකකයට කළ දැනුම්දීමකට අනුව මෙම ගීතය නිර්මාණය කළ අතර, එය නිර්මාණය කිරීමෙන් අනතුරුව ගෝඨාභය වෙත පෙන්වා අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ගීතය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි‌යේ ය
 
එම ගීතය අවසන් වන්නේ ඉරාජ් වීරරත්න හදිසියේ නින්දෙන් පිබිදෙන දර්ශනයකිනි. එහිදී ඔහුගේ ජංගම දුරකථනය තබා ඇත්තේ ඔහුගේ පුරුෂ ලිංගය මතය. ජංගම දුරකථන තිරයේ දර්ශනය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහත්මියගේ රූපයකිනි. 
 
මෙය කිසි ලෙසකින් අතපසු වීමක් නොවේ. මෙය සිතා මතා සැලසුම් සහගතව මෙරට දෙමළ ජනප්‍රජාව වෙත නිකුත් කරනු ලබන භයානක සං‌කේතාත්මක තර්ජනයකි. ඉරාජ්ගේ උපදෙස් ලබන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය ජනාධිපති පදවියට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ දෙමළ කාන්තාවන් ලිංගික වහලියන් සේ සලකන බවට වූ තිරිසන් තර්ජනයකි.
 
(Lankaenews )

FB IMG 1569072277032

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න