සජිත් ජනපති අපේක්ෂකයා කිරීමට රනිල් එකඟවේ : ඉටුකළ යුතු කොන්දේසි මෙන්න !

සජිත් ජනපති අපේක්ෂකයා කිරීමට රනිල් එකඟවේ : ඉටුකළ යුතු කොන්දේසි මෙන්න !

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාව පල කර ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

ඊයේ (24) රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇත.

අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.

පක්ෂ නායකත්වය හා අගමැති ධුරය රනිල්ටම !

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළු පක්ෂය විසින් ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එජාපෙ අනෙකුත් පක්ෂ සමග සාකච්ජා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීම, පක්ෂයේ නායක, මහ ලේකම්, උප නායක ආදී පක්ෂයේ තනතුරු දරන පුද්ගලයින් වෙනස් නොකිරීම, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධුරයේ තබා ගැනීම යන කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතව තිබේ.

මෙහිදී එක්සත්  ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න